37

545 96 79
                                    

අවුරුදු ආවා ගියා වුන කොළඹ වගෙ නෙවේ. නුවරඑළියෙ හරි වෙනස්. මට තිබ්බ එකම අඩුව මගෙ ලෝකෙම වුන කෙනා මේ පාර මං ගාව නැති එක විතරයි. මගෙ අම්මා විතරයි. අම්මට විඩීයෝ කෝල් එකක් අරන් සතු මගෙ ළඟ ඉදන් කෝලම් කරත් මම වැඩිය කතා කරන්න ගියෙ නෑ. මම බය වුනා මට ඇඩෙයි කියලා. එහෙම ඇඩුවා නම් පයිපේ ඇරියා වගෙ අම්මා අඩලා අඩලා ඊලග පැයෙම මෙහෙ එනවා කියලා මම දන්න නිසාම මම එහෙම කරේ නෑ.

"බූලි පැටියෝ... අම්මා තියන්නම්... ඔයා තරහා වෙලානේ"

"මම තරහා නෑ අම්මා."

"තරහා ගිහින් නෙවේ මිනිහා ඔය බයෙන් ඉන්නෙ ඇඩෙයි කියලා. බලන්නකො අපේ අඩන බබාගෙ මූණ.."

"උඹට ඔය කට පියාගන්න ඔච්චරටම අමාරුද?"

"ආහ් කට පියාගෙන ඉන්න කටක් මොකටද?"

"අම්මා කවදද ආයෙ එන්නෙ."

"ඉක්මනින්ම එනවා වස්තුවේ.. අප්පච්චි ඉල්ලනවා පොඩ්ඩක් ඉන්න.." අම්මා අප්පච්චිට ෆෝන්  එක දුන්නා විතරයි මම සීරුවෙන් හිටගත්තා.

"වාව් මාර බයක්නෙ." මම සතුට රැව්වා විතරයි.

"ටෂි... කොහොමද?"

"හොදින් අප්පච්චි"

"කෑවාද?"

"ඔව් අප්පච්චි"

"අසනීප නෑ නේද?"

"නෑ අප්පච්චි"

"හරි එහෙනම් පරිස්සමෙන් වැඩ ටික කර ගන්න."

"හා අප්පච්චි බුදුසරණයි..."

"දෝණිට ෆෝන් එක දෙන්න."

"හා අප්පච්චි..." මම අණ පිලිපදිනවා වගෙ. අනික් අතින් සතු ෆෝන් එක ගත්තා.

"මාමා හොදින් නේද?"

"ඔව් පුතේ මම හොදින් ඔයාට කොහොමද?"

"මමත් හොදින් ඉන්නෝ මාමාගෙ පුතා නිසා..."

"දැන් පිරිලා මූණත් ලස්සන වෙලානෙ.."

"කාගෙද මාමා මමද?"

"නෑ මගෙ පුතා..." මට හිනා ගියා ඒකට නම්. මම දන්නවා එයා මට ගොඩක් ආදරේයි කියලා. ආයෙ ඒකෙ හංගන්න දෙයක් නෑ....

"හරි දැන් යමු නෑ ගම්.." දෝණි කැවිලිත් එක්කම බුලත් අරගෙන කොහෙද යන්න තමයි මේ හදනවා. මට බැරිද දන්නෙ නෑ ඇතුලට වෙලා නිදාගන්න.

❄ ශීත 🍻Where stories live. Discover now