36

516 90 80
                                    

දවස දවස ගෙවෙනකොට නොදැනීම මට තිබ්බ වැඩ ටික ටික වැඩි වෙනවා. කලින් දවසට නිවුස් ආවෙ 2,3 දැන් එනවා 10කට වැඩිය. අවුරුදු කිට්ටුව නිසා ඇක්සිඩන්ට් වෙලා තියෙනවා 60% කට වඩා වැඩියෙන්. ඔහොම ඔහොම වෙද්දි තමයි මටත් යකා නගින්නෙ. ඇයි දෙයියනෙ ඌ කලින් කිව්වේ ස්ට්‍රේස් නෑ අරකද මේකද? දැන් ඒකෙ අනික් පැත්ත.

"මොකො නිකන් බුම්මගෙන."

"තව 5ක් ආවා ඕයි."

"පුලුවන් ටික ගන්න, බැරි ඒවා රිජෙක්ට් කරන්න. එයා දුන්නා කියලා ඔයා කරන්නම ඕනේ නෑනේ."

"අනේ මේ අනික් පැත්ත හැරිලා ඔය ඩිබෙට් එක පුරව ගනින්."

සතුත් මේ පාර ඉවෙන්ට් එකකට යන්න ඉන්නෙ මේ අප්‍රේල් වල මේවා තමයි මට එපා වෙන්නෙම. කොච්චර කරත් මදි. ගරාජ් එකෙ, dj එකෙයි වැඩිම වැඩ ආවේ ඒ කාලෙත් මේ ටිකෙ. මට පිස්සු වගෙ. ඔලුවත් නිකන් පිස්සන් කොටුවට ගහපු පෝස්ටර් එක වගෙ.

"මේ මටත් දැන් මේක එපා වෙලා බාර් එක පැත්තට යමුද?"  මූ අද වැඩක් කරන්නෙ නෑ කියලා මට මුල ඉදන්ම තේරුනා. එහා පැත්තට මෙහා පැත්තට ඇඹරි ඇඹරි ඉන්නවා විතරයි.

"මට බෑ..."

"බෑ ගාන්න එපා. අපිට අවුරුද්දට කරන්න තව වැඩ ගොඩකුත් තියෙනවා."

"අනේ මේ පේනවද මට තියෙන වැඩ ගොඩ."

"මම උඹට කිව්වනෙ ඕවා කර ගහන්න එපා කියලා."

"උඹ මට පඩි ගෙවනවද?"

"ඇත්තටම පොඩි උඹට මොකටද ඔච්චර සල්ලි."

"ඕනේ.."

එතනින් එහා ඌවත් මමවත් මුකුත් අහන්න ගියෙ නෑ. දන්නවා ඕවා කියන දේවල් නෙවේ වැඩක් නෑ කියලා.

"නැගිටිනවා යමන් පුස්තකාලෙට... ඔය පොලිටික් ඔක්කොටම විසදුම අතීතේ ඉදන් එතන තියෙනවා.."

"උඹ ඇයි බං මට ඔච්චර හොද වෙන්නෙ." ඇදෙන් බහින්න ගිය එකා ගල් ගැහිලා වගෙ මගෙ දිහා බලන් ඉන්නෙ.

"මොකො එක පාරට එහෙම දෙයක් ඇහුවේ."

"එක පාරට අහන්නෙ කාලන්තරයක් හිතන දේවල්."

"එහෙමද?"

"ඔව්..."

"දන්නෙ නෑ සුදු නෝනාගෙ මල්ලි මගෙ හොදම යාලුවා වෙන්න ඕනේ එච්චරයි"

❄ ශීත 🍻Where stories live. Discover now