82

469 93 130
                                    

"යාහ්.... අපි බීච් එක ළඟ නේද ඉන්නෙ..." ගල් කිස්සෙ ඇතුල් පාරෙන් දාලා අපි යන පාර දැක්ක ගමන් සතූ කෑ ගැහුවා.

"උඹ කොහොමද දන්නෙ."

"තෝයි මායි මේකට ආවානෙ බං"

"දැන් අවුරුදු කීයක් ගිහින්ද? මේවා ඔක්කොම වෙනස් වෙලා." වටපිටාව ඇත්තටම වෙනස් වෙලා. එහෙම එකෙ මූ කොහොමද අදුර ගන්නෙ මටත් බැරි එකෙ.

"අයියෝ බං... අවුරුදු කියන්නෙ යන්න තියෙන දෙයක්නෙ බං. මට මතකයි ඔක්කොම."  සතු හරි ලොකුවට දේවල් මවාගෙන කියවනවා. හැබැයි මූට කොහොමද ඔච්චර මතකයක් තියෙන්නෙ. එහෙනම් මූ මෙලාකට අයිස්ටයින්ටත් බබා පෙන්නලා ඒ යකා අපේ ඔලු පුරවන සමීකරණ ආයෙත් මූ කචල් කරනවනෙ.

"හේයි මේක හරි පාර නෙවේනෙ." අපි අතුරු පාරකින් හරවද්දි සතු බෙරිහන් දෙනවා 

"සර් ගල්කිස්සෙ බීච් එකටනෙ ලෝකේශන් දැන්මේ."

"ඉතින් මේ පාර නෙවේනෙ කෙලින් පාරේ යන්න ඕනේ."

"න්... නෑ... සර් ඒක යන්නෙ මුඩුක්කු වත්තකට."

"ඒත් මේකෙ පෙන්නනවනේ.." සතු ෆෝන් එක ඩ්‍රයිවර්ට පෙන්නුවට පස්සෙ ඒ මිනිහට හිනා.

"සර් ඔය මැප් එක අප්ඩේට් කරලා නෑ... ඉස්සර මේ පාරේන් තමයි ආවේ. පස්සෙ මුඩුක්කු එක දෙක වැඩි වෙලා සීන් ගියා. දැන් ඒ පැත්තෙන් පාර තියෙන්නෙ මුඩුක්කු ඉඩම් උඩින්."

"තමුසෙ නම් ලෝක බොරුවක් ඕයි." මම හෙමින් කිව්වා වුනත් කාර් එකටම ඒක ඇහුනා. මගෙ කට මෙච්චර සද්ද වුනේ ඒ කාලේ සිංහල මිස් පොත කියවන්න කියවන්න කියලා ඩෙගා නටපු නිසා. ඒවට මම පලි නෑ.

"ඉතින් ජෙනරල් නොලේජ් එක නැද්ද උඹට."

"තියාගෙන ඉදගනින් ඔය නොලේජ් එක." කේන්තියෙන්ම කියලා මම අහක බලන් යන්න ගියා.

Ac වාහනේ නිසා හුළගවත් විදින්න අපිට තහනම්. මම දන්නවා මගෙ එහා පැත්තෙ එකාට ඕනේ දූවිලිත් නාගෙන හුලන් කපාගෙන මෙහෙට එන්න කියලා. ඉතින් තව දවසක ආයෙත් ඒ විදියට එන්න හිතාගන්නවා ඇරෙන්න වෙන මොනවා කරන්නද?

"හරි සර් ආවා." ඩ්‍රයිවර් කියලා අපිව රේල් පාර ගාව බස්සද්දි ඒ යන්නත් ඕනේ මුඩුක්කු පාරවල් උඩින් තමයි. මිනිස්සු විෂම කරලා පෙන්නන මෙහෙම සමාජේක දැන් අපි ඉන්නෙ.

❄ ශීත 🍻Where stories live. Discover now