39

501 100 100
                                    

කාලකන්නී සීතලකින් ඇගම වෙව්ලලා යද්දි මට ඕනේ වුනේ අඩන්නද? හිනාවෙන්නද? කියලා හිතාගන්න බෑ...  මට ඒක දරාගන්න බෑ...

"ලොකුම දුක මම වැරදි වුනත් මට මුකුත් කර ගන්න බැරි එක.." මගෙ පිටිපස්සෙන් සනාගෙ කට හඩ ආවාම මම ගනන් ගත්තෙ නෑ. මට ඕනේ වුනේ තනියම ඉන්න. බොරුවට මම හොදින් වගෙ පෙන්නලාම මට මහන්සියක් දැනෙනවා.

"මට නිදිමතයි."

"මම ඉන්න කාලෙම උඹ හදන්නෙ මාව මග අරින්නද? මග ඇරලා මම ගියාට පස්සෙ පුරුදු විදියටම ඔක්කොම දරාගන්නද? හැමදේම හංගන් ඉදලා හති වැටෙන්නෙ නැද්ද ටූන..."

"මගෙ ගැන හිතන්න එපා."

"මම උඹේ ගැන නොහිතා කවුරු ගැන හිතන්නද?"

"පොඩ්ඩක් කට වහගනින්... මම යනවා නිදිමතයි..."

"ඔයාට නිදි මත නම් මෙච්චර වෙලා එළියෙ තේ කොළ එක්ක නිදිමරන්න ඕනේ නෑනේ..."

"තේ කොල හොදයි මිනිස්සුන්ට වැඩිය නම්."

"මිනිස්සු නෙවේ සතුට වැඩිය.." මම ඉදගත්ත තැනින්ම ඇලෙන්න ඉදගන්න ගමන් එහෙම කිව්වේ. මම පොඩ්ඩ්ක් එහාට වුනා.

"ඔහෝ... ඔහොම ඉන්න දෙන්න බෑ... මෙන්න මෙහෙ වරෙන්... සීතලයි." කැලි කපන කලුවරක තියෙන්නෙ මීදුමක් විතරයි. අපේ මූණුවත් හරියට අපිට පෙන්නෙ නෑ. ඒ තරම් එළියක් වත් මම ඉන්න තැන තිබ්බේ නෑ.

"ඔයා නිකන් කට්ට කලුවරේ හද ඉල්ලන් අඩන පොඩි එකෙක් වගෙ ටූන... කොටින්ම උඹ ඇතුලාන්තේ මං වගෙ... මට ඕනේ වුනේ උඹ වගෙම වෙන්න. කාවවත් ගනන් නොගෙන, එත් හිත පුරෝලා දෙන මිනිහට නොසැහෙන්න ආදරයක් දෙන්න."

"මම එහෙම නෙවේ."

"මම සඟරාවක් කියෙව්වා. ඒකෙ තිබ්බා අපේ පර්සනැලිටිය ගැන. මම ඒකෙ වැඩිපුරම ආස වුනේ intp එකට... එත් උඹ දන්නවද එහෙම ඌන් ඉන්නෙ අතලොස්සක් වගෙම එහෙම ඌන් කියගන්න බැරි තරම් ගුප්තයි." හරි ඉතින් මේ මූ ඇවිත් තියෙන්නෙ මගෙ හිත හදන්න නෙවේ. ඩිබෙට් එකකට පර්සනැලිටි කට පාඩම් කරන්න. තුක් නොදකින්. ඒ මදිවට මෙන්න මූ මගෙ අත අල්ලනවා.

"තනියෙන් හිතන්න, කැමති දේ හාර හාර හොයලා ඒක ගැනම සිහියෙ තියා ගන්න, තනි වෙන්න එත් දැනුන දේ අත්තරින්නෙ නෑ."

❄ ශීත 🍻Where stories live. Discover now