103

417 95 141
                                    

මුලු කාමරේම කලුවර වෙලා... ජනේල්ලෙන් එළියෙ තියෙන කදු පංතියත් එක්ක එන මූසල මීදුමට මට වෛර කරන්න ඕනේ වුනා... සුදු පෙණ කැටියක් වගෙ මාව හරි ඉක්මනින්ම වහ ගත්තා. ඒ සුදු පෙණ ගුළි අස්සෙන් එන දෝංකාර ඇඩිමත් එක්ක බියගුලු හිනාවක්... සුදු මීදුම් පටලේ අන්ධකාරයේ සෙවණැල්ලක් මගෙ වටේට කැරකෙනවා වගෙ දැනෙනවා.. 

"ටෂි..... මට බයයි......" හුස්මත් හිර වෙලා ඒ කට හඩට ඇහැරිලා මම වේලාව බලද්දි වේලාව 1.36ට තිබ්බේ. එහා පැත්තට වෙලා නිදාගෙන හිටිය සතූව එහාට කරලා මම දාඩිය පිටින්ම ෆෝන් එකත් අරන් එළියට බැස්සා.

රෑ අහස පුරාම කලුවරයි. වෙන්න එපැයි දැන් රෑනේ.. මම තරු දිහා බලාගෙන ෆෝන් එකෙන් පූර්ණා එව්ව එයාගෙ අලුත් නම්බර් එකට කෝල් එකක් ගත්තා.

"ඔහෝ... මෙන්න හාමුට මාව මතක් වෙලා..."

"පූර්ණා... කොහොමද ඉතින්..."

"මම හොදින් ටෂි... ඔයාට කොහොමද?"

"හොදින්..."

"මට කෝල් ගන්න ඕනේ වුනා. එත් සතුර්ක ඇත්තටම ඉරිසියාකාරයෙක් නිසා මම කෝල් කරේ නෑ..."

"මම වගෙ නෑ අනික් මිනිස්සු.."

"නොවුන එක හොදයි. වුනා නම් වටේම මිනිස්සු හරි පව්..."

"උඹ නිතරම මාව පාච්චල් කරා..."

"උඹ දන්නවා ඒක ඇත්ත නෙවේ කියලා."

"ඒක නෙවේ දැන් ලයිෆ් එක ෆ්‍රී වෙලාද?"

"මම හිතුවට වඩා ටෂි... හරියට බැලුවොත් වැඩ නම් ගොඩක් ඉවරයි. දැන් එකක් දෙකක් වගෙ තමයි තියෙන්නෙ."

"ම්ම්ම්ම්..."

"මැටි මෝලා කෑවද?"

"ඔව්... ඔයා..."

"නෑ කන්න ඕනේ... බඩත්ගිනි."

"ම්ම්ම්ම්"

"උඹ ළඟදි විශාල්ට කතා කරාද?"

"ඔව්... පොඩි වැඩකට. උඹ දන්නෙ කොහොමද?"

"මට මැසෙජ් එකක් එවලා තිබ්බා."

"ඒ මොකටද? මොකක් කියලද?"

"උඹට ඌව ඕනේ වෙලා කියලා... මටත් වඩා... ඌ කිව්වේ උඹ ඌව එදා තෝර ගත්තෙ නැති නිසා දැන් උඹ අමාරුවේ වැටිලා කියලා." 

❄ ශීත 🍻Where stories live. Discover now