108

414 74 150
                                    

නුවරඑළියෙ පුරුදු සීතලට ඇග හුරු කර ගද්දි හරි අමුතු කියන්න තේරෙන්නෙ නැති හැගීම් ගොඩක් උඩ, යට යනවා. ඒක මෙහෙමයි කියන්න බෑ. අර අශෝක කිව්වත් වගෙ මම මහ ලොකු දේවල් බදාගත්තට මගෙ අප්පච්චි තරම්වත් ඒකට ටැලන්ට් එකක් නෑ. ගොඩක් දේවල් දැකලා, අහලා මෙහෙමවත් ගොඩ ගියාට සමහර තැන් වල මම ගොඩක් අසරණ වුනා.

හරියටම කිව්වොත් සතූ එන්න කලින් මට ඕනේ වුනේ බිසී වෙන්න ඔලුවට ලොකු ලොකු ප්‍රශ්න දාගෙන නින්දත් නැති කරන් ඒවා විසදන්න. එත් සතූ ආවාම මට ඕනේ එයා එක්ක තනියම නිදහසෙ ඉන්න. ඒ නිසාම වෙන්න ඇති පිලිකාව උඩු දුවනකල්ම මම බලන් හිටියෙ. ක්‍රිෂ්ණාට ආව සමනලිගෙ පාර්සල් එකෙ ෆොටෝ එක දිහා බලාගෙනම මම කල්පනා කරේ එකයි.

"ටූන..."

"ම්ම්ම්ම්..."

"කුක්කු එක..." මාව පිටිපස්සෙන් බදාගන්න ගමන් සතූ මගෙ ඉස්සරහට කිරි වීදුරුව දිග් කරද්දි මම ඒ දිහා බැලුවා.

"කෝපි දැන්මද?"

"සමහර වේලාවට මගෙ ටූනට මේ ටයිම් එකට මූඩ් රිලිස් කරගන්න කෝපි ඕනේමයිනෙ."

"සතූ..."

"ඇයි?"

"මට බැරිද සති දෙකකට වගෙ ඔයාට බිශොප් ගමට ගිහින් දාන්න."

"මොකක්ද?"

"ඔයාගෙ කකුල හොද වෙනකල්."

"එහෙනම් මාත් එක්ක තමුසෙත් ඉන්නවා... මම ඇයි තනියම යන්න ඕනේ."

"ඔයාගෙ කකුල ඉක්මනින් හොද වෙන්න ඕනේ. තව තව දුවන්න ඔයාට හොද නෑ."

"කකුල, කකුල, කකුල මම අබ්බගාතයෙක් නෙවේ ඕයි... මාව එලවලා මොනවද උඹට කරගන්න ඕනේ තනියම. නිතරම ලෙඩෙක් ගානට දාලා මට මෙහෙම කරන එක උඹට හෙන ආතල් එකක්ද?"

"හැමදේම වැරදියට ගන්න එපා."

"ගොනෙක් වගෙ නිතරම ඕක කියවන්න එපා බං එහෙනම්. මට කකුල නැති වුනොත් මාව බලාගනින්. නැතුව එලවලා තනි කරන්න උඹට මම ඉඩ දෙන්නෙ නෑ"

මම ජනේල්ලෙන් එළිය බලාගත්තා. සතූ ඉද්දි මම කොච්චරවත් ස්ලෝ වෙනවා. මගෙ ඇගට මහ අමුතු කම්මැලිකමක් ගහනවා ඉස්සරහට යන්න. එත් ඒක කිව්වොත් මෙයාට තව කේන්ති යයි.

❄ ශීත 🍻Where stories live. Discover now