part 01

593 45 5
                                    

"නෑ එයාව දෙන්න විදියක් නෑ...එයාව අරන් යන්නෙ මං ..."

මට ඇහුනෙ හුරු පුරුදු කටහඬක් අවුරුදු 4කට පස්සෙ.... බිම වැටිලා හිටපු මගේ ඇස් නිරායාසයෙන්ම එයා දිහාවට වැටුනා....ඒත් ඒ මූන මාස්ක් එකකින් ආවරණය වෙලා...මගෙන් ඉවතට හැරුන ඇස් මාරාන්තික තරහකින් වැහිලා වුනත් ඒ තරහ ඇතුලෙත් මං දැක්කෙ හැමදාම වගේ මට දීපු ආරක්ෂාව....

"රූසි.."

එයාගෙ නිල් ඇස් මගේ පැත්තට හැරුනා...මට රව රවම මං ලඟට ඇවිත් මාව අත් දෙකට උස්ස ගත්තා,ඒ ගමන් අනිත් පැත්තෙ හිටපු ⁣මනුස්සයගෙ මූන දිහා මූන උස්සලා බැලුවා...මට ඒ හැඟීම් කියව ගන්න බැරි වුනත් එයා ඒ මනුසසයට ඇස් වලින් තර්ජනය කරා කියල මං අනුමාන කරා..මොකද ඒ මනුස්සයා අත් දෙක දෙපැත්තට කරලා පස්සෙන් පස්සට ගිය නිසා.....

මං ඒ මූන බලන් ඉද්දි,එයා මං දිහා නොබලම,එයාගෙ හයිය අත් වලට මගෙ හීනි සිරුර පුලුන් රොදක් වගේ සැහැල්ලුවෙන් අරගෙන මගේ ගෙදර දිහාවට අඩි තියන්න පටන් ගත්තා..

මං selina # Selina Rawdhan... වෘත්තිමය වෛද්‍යවරියක්....මේ වෙලාවෙ මං ඉන්නෙ මගෙ හොඳම යාලු⁣වගෙ අත් දෙක උඩ,ගෙදර යන ගමන්.... මට මෙහෙම යන්න සිද්ධ වුන සිද්ධිය වුනේ මීට විනාඩි 15කට කලින්....

මං ගෙදර යන්න හිතන් පාර දිගේ ඇවිදන් ආවෙ හොස්පිටල් එකේ ඉඳල වැඩ ඉවර වෙලා....වෙලාව පෙ.ව.2.43 යි....කාර්යබහුල සෝල් නගරෙ ඇතුලෙ මේ වෙලාව කියලත් ඒ තත්වෙ වෙනසක් නැ...

ඉන්න,..ඒත් කවුද මගෙ පස්සෙන් එන්න තරම් මේ වෙලාවෙ නිදහස් කෙනා...මං ටිකක් වේගෙන් යන්න ගත්තා...ඒත් ඒ කෙනා තවමත් එනවා...මං දුවන්න ගනිද්දි ඒ කෙනාත් දුවලා එනවා....

"තඩ්.."

එක පාරටම මං කාගෙ හරි ඇඟක හැප්පුනා...
මං වැටුනම මගේ පස්සෙන් ආපු ආගන්තුකයා මට ලං වුනා...

"තමුන්ගෙ වැඩක් බලාගෙන හිටියොත් නරකද...මෙයා අද මගේ"

මං ඇ⁣ඟෙ හැපුන රස්තියාදු පුද්ගලයා කට කොනක හිනාවක් එක්ක අමුතු බැල්මකින් මගේ සිරුර පුරා ඇස් යවමින්  කියද්දි අනිත් කෙනා සරදමට හිනා වුනා...

"උඹ වීරයෙක්ද පොඩි එකෝ... මැරෙන්න ආස නැත්තන්,මේකෙන් අහකට වෙලා ඉඳපන්.  මේ කි අයිති අපිට.."

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now