part 08

147 29 5
                                    


මං ශේරියා ආන්ටිලා එක්ක නවතින්න ඇවිත් දැනට සතියක්...යුනිවසිටි එකේ වැඩ සෙට්ල් කරලා ඉතුරු දවස් ටික කාමරේට වෙලා කාලෙ ගෙව්වා ඇරෙන්න වෙන කිසිම වෙනසක් මගේ ජීවිතේ ඇතුලේ වුනේ නැ මේ කාලෙ ඇතුලත...මමායි ඩැඩායි මට හැමදාම කතා කරනවා....ඒත් එයාලා සෙලී ගැන මට කිව්වෙ නෑ....අහන්න ඕන වුනත් ඒ ගැන කතා කරලා හිත පාර ගන්න මං කැමති වුනේ නෑ..ශෝන් මට කතා කරේම නෑ...එයා මං එක්ක හොඳටම තරහින් වගේ...

ආන්ටි,අන්කල් දෙන්නම නිතරම බිස්නස් වැඩ එක්ක බිසි..ඒ වගේම එයාලගේ එකම ලමයා වෙන තැනක නැවතිලා නිසා ගෙදර කවුරුත් රැඳුනෙ නැහැ.එයා යන්නෙ ටොරොන්ටෝ වලම යුනිවසිටි එකකට ඒත් එයා වැඩිපුර ඉන්නෙ යලුවො අස්සෙ නිසා ගෙදර රැ⁣ඳෙන එක අඩුයිලු.මං හෙට යුනිවසිටි යන්න ඕන....ඒ වුනත් හිතට කිසිම උනන්දුවක් නැහැ...මං බිස්නස් ගැන ඉගන ගන්න ඕන වුනත් ඒ සම්බන්දව මගේ ආශාව හරිම ක්ෂීණයි....මං මෙහෙට ආවෙත් හිත නිදහස් කර ගන්න වුනත් මට කිසිම නිදහසක් නැති තැනක ආයෙ මං හිර වෙලා දැනටමත්...ඒත් සෙලී ව මතක් වෙන වාරයක් පාසා මෙතන වුනත් කමක් නෑ කියලා හිතෙනවා ....එයාව ඇස් වලට පෙනෙද්දි දැනෙන වේදනාව මෙතනදි දැනෙන් නෑ කියලා මට විස්වාසයි.....මට දකින්න ඕන වුනත් දකින්න බැරි එක, එක අතකට හොදයි...

හවස අන්කල් ඇවිත් මට කතා කරේ වටපිටාව බලන්න යන්න....ටොරොන්ටෝ නාගරික වුනත් අන්කල්,ආන්ටි ඉන්න ප්‍රදේශය නිදහස් පලාතක්.....අන්කල් එක්ක ඇවිදලා ඇවිදලා අන්තිමට අපි ගෙදර කිට්ටුව තිබුන කොෆි ශොප් එකකට ආවා.කොෆි එකක් බොන ගමන් මං වීදුරුවෙන් එලියෙ පේන නිදහස් මාවත දිහා බලන් හිටියා...මගේ දැහැන බින්දෙ අන්කල්....

"බබී,මං ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මං එක්ක තරහ වෙන් නෑ නේද...?"

"අහන්න අනෙ ඔයා එක්ක මං එහෙම තරහ වෙනවද...."

"ඇයි හදිසියෙම මේ තීරනේ ගත්තෙ...?"

මං මුකුත්ම නොකියා ටිකක් වෙලා හිතුවා...

"අන්කල් සූ හිතන්නෙ මනුස්සයෙක් එහෙම පිස්සු තීරණයක් ගන්නෙ මොකක් නිසා වෙන්න පුලුවන්ද...?"

"ම්ම්ම්...මේකනේ බබී....ඒක සාපේක්ෂයි...ඔයාගෙ වයසයි,ඔයාගෙ පෙනුමයි එක්ක ගත්තම ඔයා ප්‍රශ්නෙක කියන්න මට පුලුවන්...ඒක ආදර සම්බන්දයක්මයි කියන්න මට බැ...ඒත් මං අනුමාන කරනවා..."

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now