part 18

128 26 6
                                    


ගැහෙන හදවතට අත තියන් මං ඒ පේන දර්ශනය දිහා බලන් ඉද්දි  මගේ ඉස්සර වැටිලා ඉන්න හුරුබුහුටි රූපෙ ඇස් ඇරලා මං දිහා බැලුවා....දිගම දිග රැලි කොන්ඩෙන් ඒ මූන වැහිලා ගිහින්,ඒ අතරින් පෙනුන කලු පාට බෝල ඇස් මට අමතක යමක් මතක් කරද්දි ලඟින්ම ගස් අතරින් ඇහුනෙ කටහඬක්.....

"ඒකි දිව්වෙ මේ පැත්තට මෙහෙන් එනවා..."

"ඒත් මං දැක්කෙ පාරට පනිනවා විතරයිනෙ..."

"තමුසෙ ඒ පැත්ත බලනවා මං මේ පැත්ත බලන්නම්..."

දෙ⁣න්නෙක් කතා වුනා....ඒ කටහඬවල් ඇහෙනවත් එක්කම,මගෙ ඉස්සරහ වැටිලා හිටිය රූපෙ  ඉරිලා ගිය ඇඳුම් එක්ක,පැලුන කකුල් වලින් ලේ ග ලද්දි ආාය නැගිටින්න උත්සහ කලා...ඒ කලු බෝල ඇස් බයටම කඳුලු පෙරන්න පටන් අරන්...මට හිත හිත ඉන්න වෙලාව තිබ්බෙ නැ....කොච්චර ලොකු අවදානමක් වුනත් මං ඒ පුංචි සිරුර මගේ ලොකු කෝට් එකෙන් ඔතලා අත් දෙකට උස්ස ගත්තා....

එයාව අරන් කා එකේ එන ගමන් මං සයිඩ් කන්නාඩියෙන් පිටිපස්ස බලද්දි තව කා එකක් මාව ෆ ලෝ කරන බව දැක්කම මට කර ගන්න දෙයක් නැති වුනා.....මගේ පිටිපස්සෙ සීට් එක උඩ දිගා වෙලා මං දිහා බලන් ඉන්න මලානික ඇස් දිහා බලනකොට කොහෙවත් නැති හයියක් හිතට එද්දි මං වේගෙ වැඩි කරලා සෙලී ඉන්න හොස්පිටල් එක ඉස්සරහ කා එක ගෙනත් නැවැත්තුවා....මගේ පස්සෙන්ම ආව කලු කා එක මාව පහු කරන් දිගටම යද්දි මං ශෝන්ට කෝල් එකක් ගත්තා...

"ශෝන් මට ඔයාගෙන් උදව්වක් ඕනෙ මේ දැන්මම.."

"මොකද්ද...?"

"සෙලීගෙ හොස්පිට්ල් එක ඉස්සරහට එන්න  ඔයාගෙ වාහනෙන්...සෙලීටත් එන්න කියන්න එලියට.."

"මොකද වුනේ කියනවා බය නොකර.."

"ඒන්ජල් කෙනෙක් බිමට වැටිලා තටු කැඩිලා...ලුසිෆර් එයාව හොයනවා...මගුල, ඇවිත් මට උදව් කරනවා ප්‍රශ්න අහ අහ ඉන් නැතුව..."

මං පිටිපස්ස බලද්දි එයා තාම මං දිහා බලන් ඉන්නවා...මං වතුර බෝතලෙකුත් අරන් සීට් එක උඩින් පැනලා එයා ලඟට ගියා...එයාව උස්සලා අරන් වාඩි කරවලා මගේ ඇඟට එයාව වාරු කරන් වතුර එක පෙව්වා....අවුරුදු ගානක් පිපාසෙ ඉඳලා වගේ එයා වතුර බොන හැටි දැක්කම මට දැනුනෙ ලෝභ කමක්....විනාඩි දෙකකින් විතර සෙලී ඇවිත් ග්ලාස් එකට තට්ටු කරා....මං දොර භාගෙට ඇරලා එලියට එබුනා...

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now