part 15

133 25 4
                                    

"ඔයා විහිලු කරනවද රූස්රත්...?"

"ඇත්තෙන්ම නෑ..."

"මං ඔයාව බේරගන්න මෙච්චර ට්‍රයි කරද්දි ඇයි ඔයා ඒ සාක්ෂි හොයන්න මාරයා ලඟටම යන්න හදන්නෙ...?එතන ගැන ඔයාට කිසිම අදහසක් නැ"

"බ්‍රීස් මට ඕන සාක්ෂි පෙන්නලා මේක කරපු කෙනා දඬුවම් විඳිනවා බලන්න...මේ දේ ඔයා මට වෙන්න දුන්නා නම්,ඒ දේ මට විතරක් වුනා නම්,ඒක එතනින් ඉවරයි....ඒත් ඒක අන්කල්ටනෙ වුනේ....ඒක එහෙම ඉවර කරන්න මට බෑ...අනික අදහසක් නැති නිසා තමයි ඔයා ⁣අදහසක් දෙන්න ඕන....."

"ප්ලීස් රූස්රත් මේකෙන් ඔයාව අනතුරේ වැටෙයි..."

"ඔයා මට කියනවද නැත්තන් මංම ගිහින් හොයා ගන්නද...?"

"හරි මං කියන්නම්,මැතිව්ස්ගෙ ඔය වගේ වැඩ වලට වෙනම තැනක් තියනවා...මාව තියන් හිටියෙත් එතන එයා...අපි එතන හොයන්න ඕන...ඒත් හරියටම කොතනද කියලා මට අදහසක් නැ ..ඒ වගේම එතනට හොරෙන් යන එක ගැන නම් හිතන්නවත් එපා..."

"මට ඒ ගැන අදහසක් තියෙනවා.."

නිව්ට් හොර හිනාවක් දාලා කිව්වා....

"කියන්න බලන්න..."

"දැන්ම නෙවෙ...මුලින් මගේ වැඩ ටික මං කරන්නම්...බ්‍රීස්, ත මුසෙ මට තැන හරියට කියනවා....වැඩේට බහින දවසෙ මං ඉතුරු දේවල් ගැන කියන්නම්..."

එයා එහෙම කියලා නැගිටලා ගියා...එයාට බ්‍රීස්ව විස්වාස නැ....
____________________________________________

මං හොස්පිට්ල් යන්න කල්පනා කරත් හේස්ව මතක් වෙද්දි හිතට දෙගිඩියාවක් දැනුන නිසා හේස්ගෙ බයික් එක හදන්න ගරාජ් එකට අරන් ගියා...ඒකට ලොකුවට හානියක් වෙලා නැති නිසා හීරුන තැන් වගේම නැවිලා ගිය මඩ්ගාඩ් එකත් අලුත් වැඩියා කරලා බයික් එක සර්විස් කරන් ආපහු ගෙදර ආවා....

වොශ් එකක් දාන් ඩොලීවත් නාවලා කෑම දීලා මං ශෝන්ට කෝල් එකක් ගත්තා....

"බබී...වට්ස් අප්...?"

"නතින්ග්...ඔයාලා හොඳින් ඉන්නවද...?"

"ඔව් බබී..."

"මමායි ඩැඩායි කෝ..?"

"එයාලා එලියට ගිහින්"

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now