part 24

136 22 6
                                    


ඒ මීට මාස 6කට කලින්...මගේ අම්මා අසනීප වුනා..එයාව ගොඩක් දුර්වල වුනා...එයාගෙ ඇඟ බෙහෙත් ප්‍රතික්ෂේප කලා..මං ගොඩක් අසරණ වුනා ඒ වෙලාවෙ..එයා නිතරම කිව්වා මට පරිස්සම් වෙන්න කියලා...මට තේරුනේ නැ...එයා එයාගෙ හිතේ මොනවා හරි තියන් හිටියා වුනත් ඒ මොනාද කියන්න මං දන්නෙ නෑ...ඒත් එයා ට ඕන වුනේ මාව පරිස්සම් කරන්න...අම්මව මට සනීප කර ගන්න බැරිවුනා...එයා යන්න ගියෙත් මගේ අත් දෙක උඩමයි..

ඒන්ජල් ගෙ කම්මුල් දිගේ කඳුලක් බේරිලා ගියා...එයා කඳුලු පිහදාන් ආයෙ කතා කරා...

"මං අයිඩල් කෙනෙක් වෙන්න ගොඩක් මහන්සි වුනා රූ...මට මෙතනට එන්න වියදම් කරන්න මගේ ටැලන්ට් එක ඇරෙන්න වෙන කිසිම දෙයක් තිබුනෙ නැහැ....මට තව දුර යන්න තියෙනවා...මේක මගේ හීනෙ....ඒත් එයා ඒ දේවල් නැති කරනවා...."

"කවුද ඒ"

ශෝන් කලබලෙන් ඇහුවා

" මැතිව්ස් ..."

"මොකාක්..?"

මායි ශෝනුයි එකපාර කෑ ගැහුවා...

"ඔයා කියන්නෙ මැතිව්ස් වෙන්ඩන් ගැනද..?"

"ඔ ඔව්..."

"බබා ඔයා කොහොමද මැතිව්ස්ව දන්නෙ..?"

"ඒක වුනේ කැනඩා වලදි...මං එහෙ කොන්සර්ට් එකකට ගියා...මට හිතුනෙ නැහැ නිකන්ම හැරිලා ⁣ආයෙ මෙහෙ එන්න...මං බොඩිගාඩ්ස්ලා නැතුව ලස්සන තැන් බලන්න හොරෙන් ඇවිදින්න ගියා...ඒක තමයි මං කරපු මෝඩම වැඩේ...මං නොදන්න අතුරු පාරක යන්න යද්දි රස්තියාදුකාරයො ටිකක් මගෙ පස්සෙන් එන්න ගත්තා....මං දිව්වා...දුවද්දි පාරෙ ආව වාහනේකට මාව ඇක්සිඩන්ට් වුනා...ඒක තමයි මැතිව්ස්ගෙ වාහනේ....එයා මාව හොස්පිට්ල් ඇඩ්මිට් කලා..එතන ඉඳලා එයා මං යන යන තැනදි මුන ගැහුනා සතියම වගේ, එයා මගේ කොන්සට් බලන්නත් ආවා...එයා හරි ස්වීට් වගෙයි පෙනුනෙ..."

"වට් බබා?"

"එයාට ඒක කියන්න දෙනවා බබී...ඔයා කියන්න සේහි"

"ඒ නිසා මං එයාට බය වුන් නැ...එයා කිව්වා එයාගෙ ගර්ල් ෆ්රෙන්ඩ් වෙන්න කියලා...මං කිව්වා මට ටිකක් වෙලාව දෙන්න කියලා ඒ ගැන හිතන්න ඕනෙ කියලා...ඒත් එයා මාව බලන්න එන එක නතර කලේ නෑ...එහෙම ආපු වෙලාවක මට අහම්බෙන් ඇහුනා එයාගෙ කෝල් එකක්,මට තේරුනා එයා කාව හරි ඇක්සිඩන්ට් කරවන්න හදනවා කියලා...මං එයාගෙන් එවෙලෙම ඒ ගැන ඇහුවම එයා කිව්වෙ ඒ කරදරකාරයෙක් කියලා...ඒත් ඒ වැඩේ වැරදියි...මං කිව්වා ඒ වගේ කෙනෙක් නම් මට එයාට කැමති වෙන්න බැහැ කියලා....මං එදා එහෙම කියලා එතනින් එන්න ආවා...."

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now