part 23

129 20 3
                                    


"රූ මගේ රූම් එකේ කවුරු හරි ඉන්නවා.."

"හොඳටම ශුවර්ද?"

"1000% "

මං පඩිපෙල බැහැලා ඉවර වෙලා කිචන් එක පහු කරන් ඇවිත් මගේ ඔෆිස් රූම් එකට ඇවිත් දොර ලොක් කරා...ඔෆිස් රූම් එකේ ලැප් එකෙන් සීසීටීවි චෙක් කරද්දි මං දැක්කෙ ගාඩ්න් එකේ තැන් තැන් වල ඉන්න කලු ඇඳ ගත්ත මිනිස්සු....මං ඒන්ජල්ව මේසෙ උඩින් තියලා ⁣එයාගෙ මූන බැලුවා...

"මාව කොච්චර විශ්වාසද බබා?"

"මටත් වඩා..."

මගේ ඇස් දිහාම බලන් එයා උත්තර දෙද්දි මං එයාගෙ අතින් අල්ලන් ඔෆිස් රූම් එකේ අනිත් පැත්තෙන් පහලට තිබ්බ පඩිපෙල බැහැලා ස්ටෝර් රූම් එකට ආවා...

"මේ කොහෙද"

"මේක පොලව යට තියන ගබඩා කාමරයක් බබා..."

ඒක ටිකක් දිගට තිබ්බා වගේම ඒන්ජල් කකුල් වල සෙරෙප්පු නැතුව මේස් දාගෙන විතරක් හිටපු නිසා මං එයාව වඩාගෙන ස්ටෝර් රූම් එකේ එහා කොනට වෙනකන්ම ගියා...එතන තිබ්බ දොර ඇරලා එහා පැත්තෙ කා පාක් එකට ගිය ගමන් මං ශෝන් ට කෝල් කලා...

"ශෝන්...ඔයා පුලුවන් තරම් ඉක්මනට ගාඩ්ලා එක්ක මගෙ කා පාක් එකට එන්න ඕන අනිත් පාරෙන්..."

"හරි"

"සෙමී වත් අරන් එන්න කැෂුවල් කිට් එකක් දාන්..."

එයා කෝල් එක කට් කරපු ගමන් මං කා පාක් එකේ එන්ට්‍රන්ස් එක ලඟට ඒන්ජල්වත් එක්කන් ආවා...එතනින් එහා තිබ්බෙ ටනල් එකක්...හැමදෙයක්ම දිහා ඒන්ජල් පුදුමෙන් වගේ බලන් ඉද්දි මං එයාගෙ කකුල් මගේ කකුල් උඩට හිටින්න බිමින් තිව්වා...එයා මගේ උරහිස් වටේට අත් ඔතාගෙන අවිනිශ්චිත විදියට බලන් ඉද්දි මං ඒ මූන පුරා හාදු තිව්වා...

"බබා...දැන් මෙතෙන්ට ශෝන් එයි.එයායි,සෙමීයි මේ තැන ගැනයි හැමදෙයක්මයි හොඳට දන්නවා....මං ඔයාට මුකුත් වෙන්න දෙන් නෑ...ඒ නිසා බය වෙන්නෙපා හොඳද..?"

"මට ඔයාව විශ්වාසයි.."

වෙනදා වගේ අඬන් නැතුව මාව විශ්වාස කරන බැල්මකින් බලන් ඉන්න මගෙ ඒන්ජල් ගැන මට දැනුනෙ ලෝභ කමක්...විනාඩි දෙකක් යද්දි ආපු ශෝන්ගෙ කා එක මගේ ඉස්සරහින් නැවැත්තුවා....

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now