part 25

128 20 4
                                    

"ඒන්ජල් ඔයා ලෑස්තියිද...?"

"අනේ රූ ම⁣ට යන්න බෑ මාව තියා ගන්නකො..."

"බෑ බබා,හැමදේටම කලින් ඔයා ඔයාගෙ හීනෙ ට යන එකයි මට වැදගත්...."

ඒන්ජල් මූනත් ඇද කරන් මට ගස්සගෙන එළියට ගියා....එයාව එයාගෙ අපාට්මන්ට් එකට එක්ක යන්නයි මං මේ හදන්නෙ...එයාගෙ මැනේජර් එක්ක කතා කරලා එයාගෙ ආරක්ෂාව තහවුරු කරගෙන මං එයාව එක්කන් යන්න හදන්නෙ...ඒත් එයා මාව දාලා යන්න කැමති නෑ....මං මොකද කරන්නෙ,දිගටම මෙහෙම ඉන්නෙක එයාගෙ ගමනට බාධාවක්.....

එයාගෙ ලැගේජ් එකත් අරන් මං පහලට ආවා....ඔක්කොම බඩු වාහනේට දාලා ඒන්ජල්වත් එක්කන් මං එයාගෙ අපාට්මන්ට් එකට ආවා...ලගේජ් එක අරන් එලියෙන් තියනකන් ඒන්ජල් වාහනේ දොර ඇරන් සීට් එකෙන් වාඩි වෙලා හිටියා...එයා ඇඳන් හිටියෙ ගෙදර ට ඇඳන් හිටපු පොඩි ඩෙනිම් ෂෝට් එකයි,සුදු පාට ටී ශර්ට් එකයි..සෙරෙප්පුත් නැ කකුල් වල...මං එයාව උස්සල අරන් දොර වහලා එයාව ලගේජ්  එක උඩින් වාඩි කරවන්  ඇතුලට අරන් ආවා....එයා ඇතුලට ගියත් මගේ අතක් බධාගෙන ඉන්නවා ඇරෙන්න කතා කලේ නැ...මං එයාව තුරුල් කරන් හිටියා..
කොච්චර වෙලාවක්ද දන්නෙ නැ..එයාව තදට බදාගෙන මං ගොඩක් වෙලා හිටියා....

මගේ ඩේසි මල ඔයා නැතුව මං ඒ ගෙදර කොහොම ඉන්නද කියලා මට හිතා ගන්න බැ...මං ඔයාට ඇබ්බැහි වෙලා......

"රූ මාව බලන්න එන්න හැමදාම..."

"එන්නම් මැනික..."

"රූ මට හැම තිස්සෙම කතා කරන්න..."

"කතා කරන්නම් මැනික..."

"අපි ඩේට්  යමු සති අන්තෙ.."

"හා මැනික මං එක්කන් යන්නම්..."

"රූ..."

"ම්ම්ම්"

"රූ.."

"කියන්න මැනික.."

"මාව තනියම තියලා යන්නෙපා...මාව අරන් යන්නකො...."

"ටික වෙලාවයිනෙ බබා...මං හැමදාම මගෙ බබාව බලන්න එනවනෙ...."

"පොරොන්දු වෙන්න..."

"පින්කි ප්‍රොමිස්..."

මං ඒ සුලැඟිල්ලක සුලැඟිල්ල පැටලුවා...

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now