ඇස් පිහාටු ගොඩක් බරට දැනෙන නිසා ඇස් අරින්න බැරි බවක් මට දැනුනා...එලියෙ කිසිම ශබ්දයක් නැ...පොඩි ටීක් ටීක් ශබ්දයක් විතරක් ඇහෙනවා...හරිම සන්සුන්...මං ටික ටික ඇස් විවෘත කරා...සුදු පාට පසුබිමක් ටික ටික බොඳ වෙවී ඇස් වලට අහු වුනා....අතට දැනුන මෘදු ස්පර්ශය මොකක්ද බලන්න මං ඔලුව හරවන්න බලද්දි එතන හිටපු කෙනා කෑ ගහගෙන එලියට දිව්වා....ඒත් එක්කම වටපිටාව සද්ද වලින් පිරුනා....එතන ඉඳල තියෙන්නෙ කෑ ගහන් දුවපු පුද්ගලයා විතරක් නෙවෙ තව මූනු හයක් මගේ දිහාවට එබුනා...ඒ මූනු සතුටින් පිරිලා...ඒත් මගෙ හිත සතුටින් පිරෙව්වෙ ඒ එකක්වත් නෙවෙ....ඒ මූනු හය අතරින් සේලයින් එකකුත් අතේ රඳවන් හොස්පිට්ල් ගවුන් එකක් ඇඳන් ඉන්න සූ අන්කල් ගෙ හිනාව,මට මේ ඔක්සිජන් මාස්ක් එක ගලවලා දාලා උඩ පැනලා නටලා කෑ ගහන්න තරම් සතුටක් ගෙනාවා...මගෙ ඇස් වලින් කඳුලක් බේරුනා....
ඒ එක්කම ඩොක්ට කෙනෙක් එක්ක නර්ස් කෙනෙක් ඇතුලට ආවා...එයාලා එතන හිටපු අයව එලියට යවලා මගේ ඔක්සිජන් මාස්ක් එක ගලවලා මගේ මැෂින් අයින් කලා....ඒත් මෙච්චර ඉක්මනට...?
"මිස් රූස්රත් ඔයාට කොහොමද දැනෙන්නෙ..?"
ඩොක්ට ඇහුවෙ හිනාවකින් මට සංග්‍රහ කරන ගමන්...
"හොඳයි ඩොක්ට..."
මගෙ තොල් දිව වේලුන ගතියක් තිබුන නිසා නර්ස් මට වතුර පෙව්වා...
"ඔයා සතියක් මෙහෙම හිටියා...දැන් ඔයාගෙ තුවාල හොඳ අතට හැරිලා නිසා මැශින් ඕන වෙන් නැ...ඒත් මහන්සි වෙන්න යන්නෙපා..."
"හරි ඩොක්ට..."
දෙයියනේ සතියක් ඉඳලද....මගෙ ඩොලී පැටියා පාලුවෙන් ඉන්නැති අයියො....ඩොක්ට ගියාට පස්සෙ අනිත් හැමෝම මගෙ වටේට එකතු වුනා....සූ ආන්ටි ඇවිත් මාව බදා ගත්තා...එයා අඬනවා....මං හොඳින් තිබුන අත උස්සලා එයාගෙ පිටට තට්ටු කරලා ඔලුව අතගෑවා...එයා මාව ඉඹලා ඉඹලා ආයෙ මගේ මූන බලන් කඳුලු පෙරනවා....
"මං හොඳින් ඉන්න එකට මෙච්චර අඬන්න ඕන ද ඉතින්...?"
මං හිනා වෙලා ඇහුවා....
"අනේ මගෙ බබා...."
මගේ මූන අල්ල අල්ලා එයා කඳුලු එක්කම හිනා වුනා...
DU LIEST GERADE
🍁Still Alone 🍁[Completed]✓✓
Sachbücher🍁story of her life line...🍁 . . . . . . . . . _මෙහි එන නම් ගම් ස්ථාන සියල්ල මනංකල්පිත වන අතර මෙය හුදෙක් මා විසින් කරන ලද නිර්මාණයක් පමනක්ම වන බව කරුණාවෙන් සලකන්න_ 🚫කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වළකින්න🚫