part 34 (final)

286 35 51
                                    

දින දෙකකට පෙර....

"මිස් රූස්රත්,මේ සම්බන්දව වැඩ කරන්නෙ මම නෙවෙ...මං ඔයාව ඒ ඩොක්ටට අඳුන්වලා දෙන්නම්..."

ඩොක්ට දීපු කාඩ් එකත් අරන් අන්තිමේ රූස්රත් නැවතුනේ අංක 09 ගහපු රූම් එකේ දොර ලඟ...එතන උඩම ගහලා තිබ්බ නම කියවපු රූස්රත් ඇතුලට යන එක අතෑරලා ආයෙ හැරිලා හොස්පිට්ල් එකෙන් එලියට ආවා..

'මානසික වෛද්‍ය හේසල් ස්ටැබර්බූත් '

කා එකෙන් වාඩි වෙලා ඔන්ලයින් සර්ච් කරලා හොයා ගත්ත ලේඩි ඩොක්ට කෙනෙක් එක්ක අපොයින්මන්ට් එකක් දා ගත්ත රූස්රත් එවෙලෙම කා එක අරන් ඒ දීලා තිබ්බ එඩ්‍රස් එකට ගියා....

"මිස් රූස්රත් ඔයාගෙ ඔලුව තදින් වැදෙන විදිහෙ සිද්ධියක් වුනාද මොනම හරි අවස්ථාවක..."

"ම්ම්...මං කොලේජ් මාරු කරන්න කලින් හිටිය කොලේජ් එකේදි කීප සැරයක්ම එහෙම වුනා....මාව තල්ලු කරලා වැටෙද්දි බිත්තියෙ ඔලුව වැදිලා තියනවා ගොඩක් සැරයක්..."

"ඔයාට මේ රෝග ලක්ශන එන්න අරන් කොච්චර කාලයක් වෙනවද..."

"අවුරුදු 4කට වැඩි මිසක් අඩු නැහැ..."

"හොඳයි මිස් රූස්රත්,ඔයාගෙ කලින් රිපෝට්ස්,ඒ වගේම රෝග ලක්ශන සහ හැසිරීම් අනුව මේ රෝගය ඩිමෙන්ෂියා කියලා නිගමනය කරන්න පුලුවන්....මේක ඇම්නේෂියා තත්වයක් වෙන්න තියන සම්භාවිතාවය අඩුයි..ඩිමෙන්ෂියා වලදි මොලයට හානි වෙලා සෛල මිය යාමක් තමයි වෙන්නෙ..ඒකෙන් ටිකෙන් ටික මතකය නැති වෙලා යනවා....අපි ඔයාට ට්‍රීටිමන්ට් කරන්න පටන් ගමු...ඒත් ඔයා දන්නවා මේක මොන විදියෙ ලෙඩක්ද කියලා..."

ඩොක්ට මුන ගැහිලා එන අතරෙ රූස්රත්ට මතක් වුනේ අවුරුදු 9කට කලින් හොස්පිට්ල් එකේදි තමන්ට ඇහුන වචන...

"එයාගෙ ඔලුව තදින් වැදිලා තියනවා,ඒක කෙනෙක්ගෙ ජීවිතේට ලොකුවට බලපාන්න පුලුවන්,පසුකාලීනව මතකය අහිමි වීමේ තත්වයක් වුනත් එන්න පුලුවන් සම්භාවිතාවය වැඩියි මේ නිසා..ඒ නිසා එයාව මානසික පීඩනයක් දැනෙන දේවල් වලින් ඈත් කරලා පරිස්සම් කරගන්න බලන්න..."

කා එක පාර අයිනෙ උද්‍යානයකින් නවත්තපු රූස්රත් ඇස් වලින් බේරෙන කඳුලු පිහ පිහම ස්ටීයරින් වීල් එකට අත මිට මොලවලා ගැහුවා....සීට් බෙල්ට් ගලවලා ස්ටීයරින් වීල් එක උඩටම කඩන් වැටුන රූස්රත් හයියෙන් කෑ ගහලා අඬන්න පටන් ගත්තා....

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now