"ඔයා කවුද...?"
තමන්ගෙ සෙකට්‍රි වුන හේසොන් දිහා බලන ගමන් රූස්රත් ඇහුවම මදකට හේසොන් පුදුම වුනා...
"මැඩම් මං ඔයාගෙ සෙකට්‍රිනෙ..."
"ඔහ් පොඩ්ඩක් අමතක වුනා..."
එහෙම කියන ගමන් රූස්රත් ගිහින් තමන්ගෙ මේසෙ ලඟින් වාඩි වුනේ කාලෙකින් ගැලරි එකට ආව සතුට හදවතින්ම දැනෙද්දි....
එතන තිබ්බ ෆයිල් වල ගිලිලා හිටපු රූස්රත් ටිකකින් නැගිටලා ගැලරි එක පුරාම ඇවිද්දා...වී අයි පී කියලා වෙන් වුන කොටසට ආව රූස්රත් එතන තිබුන සිතුවම් අතරින් ප්‍රධානම කුටියෙ තියලා තිබ්බ,කාලෙකට කලින් තමන් ඇඳපු සිතුවම දිහා බලන් හිටියා...අර්ධ වශයෙන් නිරුවත් නමුත් නිදා සිටින කාන්තාවකගෙ සිරුරෙ රේඛා ලාලිත්‍යවත් විදියට අන්ධකාරය මැද්දෙ පේන්න තිබ්බා...ඒ කාන්තාව තමන්ගෙ ජීවිතේ වටිනාම වස්තුව බව කියන්න අවම වශයෙන් ඒ කාන්තාව වෙච්ච සේහිවත් දන්නෙ නැති බව ඒ දිහාම බලන් රූස්රත් කල්පනා කලා.......
ගැලරියෙන් පිට වෙලා ගෙදර එන්න ආව රූස්රත් අහම්බෙන් වගේ ගෙදරට මෙහා තිබුන උද්‍යානයක නැවතුනා...කෝට් එකේ පොකට් එකෙන් සිගරට්ටුවක් අරන් ලයිටරෙන් ඒක පත්තු කරගෙන නැවතිල්ලේ හිතන ගමන් එයා හෙමිහිට දුම් ගුලි පිට කරන්න ගත්තා...
එයාට මතක් වුනේ තමන්ගෙන් වෙන අමතක වීම්,අතපසුවීම් ගැන....ඒක පටන් ගත්තෙ අවුරුද්දකටත් කලින් ඉඳලා වුනත් දැන් දැන් එයාට දේවල් අමතක වෙන ප්‍රමානය වැඩියි....තාවකාලික ලෝකෙ මතකය සදාකාලික වෙයිද....ගැඹුරින් හිතලා සැහැල්ලුවෙන් බැහැර කරපු අදහසක් එතනම අතෑරලා ටික වෙලාවකින් රූස්රත් ගෙදර ආවා....
_____________________________________________දවස් දෙකකට පස්සෙ උදාවුනු ඉරිදා දවසෙ උදේ රූස්රත් හිටියෙ උදේ කෑම එක හදන ගමන්...සිංදුවක් අහන අතරෙ ඩොලීටත් ඒප්‍රන් එකක් දාලා නට නට උයන රූස්රත්ගෙ ෆෝන් එක ශබ්ද වෙන්න ගත්තෙ එයාව තිගස්වලා...අතේ තිබ්බ පිහිය තමන්ගෙම කකුල උඩට අතෑරිලා කකුලෙන් ලේ බිංදුවක් ටයිල් එක උඩට වැටෙද්දි රූස්රත් ෆෝන් එක ආන්සර් කරා...
"හෙලෝ මිස් සේහි ගෙ ගෙදර කෙනෙක්ද කතා කරන්නෙ..?"
"ඔව් කියන්න..."
YOU ARE READING
🍁Still Alone 🍁[Completed]✓✓
Non-Fiction🍁story of her life line...🍁 . . . . . . . . . _මෙහි එන නම් ගම් ස්ථාන සියල්ල මනංකල්පිත වන අතර මෙය හුදෙක් මා විසින් කරන ලද නිර්මාණයක් පමනක්ම වන බව කරුණාවෙන් සලකන්න_ 🚫කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වළකින්න🚫