part 29

108 21 3
                                    

"මමා කතා කරන්නකො"

ශෝන් කොච්චර තමන්ගෙ මමාව කතා කරවන්න හැදුවත් රොව්ඩන් මහත්මිය නිහඬයි...එයා ඇස් වලින් කඳුලු වැටෙද්දි ශෝන් දිහා බලන් ඉන්නවා .....දුරකථනය ගත්ත ශෝන් ඩැඩ්ට කතා කරා...

"හෙ හෙලො ඩැඩා ලොකු ප්‍රශ්නයක්....ඉක්මනට ගෙදර එන්න..."

ශෝන් හිටියෙ හොඳටම බය වෙලා...ටිකකින් ගෙදර ආව රොව්ඩන් මහත්මයාට සිද්ධිය විස්තර කරාම එයා ශෝන්ගෙ මමාගෙ කම්මුල් වලට තට්ටු කරා,ඒත් ප්‍රතිචාරයක් නැති තැන තරමක් තදින් කම්මුල් වලට පහරක් එල්ල කරන්න සිද්ධ වුනා....ඒකෙන් පියවි සිහියට ආවත් රොව්ඩන් මහත්මිය සිහිසුන් වුනා....
රොව්ඩන් මහත්මියට රූස්රත්ගෙ අහිමි වීම ඒ තරම්ම කම්පනයක් ගෙනල්ලා...
______________________________________________

"සේහි යා ඔයා නොකා හිටියම කොහොමද රූස්රත්ගෙ බලාපොරොත්තු ඉෂ්ට කරන්නෙ..?"

මුකුත් නොකිය එක දිගට අඬා වැටෙන සේහි ගෙ කඳුලු පිහිද පිහිද ජෝ කියෙව්වා...

" එ..එයා මං ලඟ නෑ දැන්..එයා ගොඩක් ඈතයි.."

එකම වචන ටික මුමුන මුමුන අඬනවා ඇර කිසිම දේකට සේහි උනන්දු වුන් නැ..ඒ විදියට හවස් වෙනකන්ම අඬ අඬ ඉඳලා එයා නැගිට ගත්තෙ මුල ඉඳලම යන්න ඕන වුන තැනකට යන්න..

"හෙලෝව් ශෝන්....මාව එයාගෙ ගෙදරට එක්කන් යන්න පුලුවන්ද"

ටිකකින් ශෝන් ආවම සේහි පිටවෙලා ගියේ රූස්රත්⁣ගෙ සුවඳ රැදුන ඒ ආදරණීය තැනට...
_____________________________________________

"හේස් ඇත්තටම කවුරුත්ම දන්නෙ නෑද රූස්රත් ගැන?"

"ඔව්...එයා අතුරුදහන් වෙච්ච මනුස්සයෙක් දැනටමත්..."

හේසල් ආවට පස්සෙ රූස්රත්ව බලන්න නොගියෙ හේසල් රූස්රත් ඉන්න තැන දන්නවා කියලා රූස්රත් දැනගන්න ඕන නැති නිසයි..

"නිව්ට්,රූස්රත් මොනාද කිව්වෙ එයා ගැන? ඔයාට කොහොමද එයාව හම්බුනෙ?"

"මට එයාව හම්බුනෙ නැ...එයා මාව හොයන් ආවා..."

"මොකක්..?"

"හ්ම්..මාස ගානකට කලින් මාව කන්ටැක් කරන් මට කිව්වා එයා කතා කරා කියල කාටවත් කියන්නෙපා කියලා...ඊට පස්සෙ මාසෙකින් විතර කතා කරා ආයෙත්...එයා හොඳටම ඇඬුවා...එයා කිව්වා එයාට දේවල් දරා ගන්න අමාරුයි,එයාට එයාවවත් කන්ට්‍රොල් නෑ කියලා....මං ඇහුවා මොකද වුනේ කියලා.."

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now