part 31

102 17 1
                                    


"එයාට කාලෙක ඉඳලා මූඩ් ඩිසෝඩර් එකක් තිබිලා තියෙනවා...ඒ වගේම ඒකට හරි විදියට ට්‍රීට්මන්ට් එකක් ලැබිලා නැහැ.මිස්ටර් හේසල් ඔයා ඩොක්ටර් කෙනෙක් නිසා දන්නවා ඇති,රෝගියෙක් සනීප වෙන්න බෙහෙත් වගේම හොඳ කායික මානසික වටපිටාවක් ඕන කරනවා කියලා...එහෙම වටපිටාවක් නැත්තන් එයාට කොච්චර බෙහෙත් කරත් වැඩක් නැ...මූඩ් ඩිසෝඩර් එකක් හඳුනගෙන බෙහෙත් කරේ නැත්තන් ඒක විශාදය දක්වා දරුනු වෙන්න පුලුවන්...මිස් රූස්රත් ඉන්නෙත් ඒ වගේ තත්වෙක...අපිට එයාව සනීප කරගන්න පුලුවන් වෙයි...ඒත් එයාට කලින් කිව්වා වගේ හොඳ මානසික වටපිටාවක් නැති වුනොත් මේ ලෙඩේ වැඩි වෙන්න පුලුවන්..."

"තැන්ක්ස් ඩොක්ටර්....මට සහතික වෙන්න පුලුවන් එයාට සතුටින් ඉන්න පුලුවන් විදියෙ වටපිටාවක් හදලා දෙනවා කියලා.."

"හොඳයි,නිතරම එයා එක්ක ඉන්න බලන්න...එයාව සැහැල්ලුවෙන් තියන්න..."

ඩොක්ටර් එක්ක කතා කරලා හේසල් එලියට ඇවිත් බැලුවම දැක්කෙ නිව්ට් එක්ක වාද කරන රූස්රත්ව...රූස්රත් ඔලුව පහලට බර කරන් ඉද්දි නිව්ට් යමක් පැහැදිලි කරන්න හදනවා....

"යා මොකද වෙලා තියෙන්නෙ..?"

"මෙතන එහා පැත්තෙ තියන කොන්සර්ට් එකට යන්න ඕනෙ ලු..."

"හරි යමු...."

"ඒත් හේසල්.."

"කමක් නැ එයා කැමති නම් අපි යමු..."

"තාම පටන්ගෙන නෑ...තව පැයක් තියනවා.."

තුන්දෙනා එක්කම ටිකට් අරන් ඇතුලට ගිහින් නිව්ට්ගෙයි හේසල්ගෙයි මැදට රූස්රත්ව එන විදියට වාඩි වුනා...ටිකකින් පටන් ගත්ත කොන්සර්ට් එකේ ඉන්න පුද්ගලයව දැක්කම හේසල් ට උන්හිටි තැන් අමතක වුනා...

සේහි.....

එයාට බැලුනෙ නිව්ට් දිහා නිව්ට් හේස් දිහා බැලුවෙත් ඒ බැල්මෙන්...

"ඒක තමයි මේ එන්න ඕන කිව්වෙ..."

කොන්සර්ට් එක පුරාවටම අනිත් අය වගේ කෑ ගහන්න දඟලන්න උත්සාහ නොකරපු රූස්රත් කලේ නිහඬව සේහි දිහා බලන් හිටපු එක...එයාගෙ මූනෙ හැඟීමක් පේන්න නොතිබුනත් හිනාවක් යන්තමට ඇඳිලා තිබ්බා....කොන්සර්ට් එක ඉවර වෙන්න ත් කලින් නැගිට ගත්ත එයා අනිත් දෙන්නට කතා නොකරම එලියට ගියත් ඒ දෙන්නත් රූස්රත් පස්සෙන්ම එලියට ආවා...ඉස්සරහ හිටපු රූස්රත් එලියට යන්න නැගිට්ටත් එක්කම වාසනාවටද අවාසනාවටද මන්දා සේහි එයාව අඳුන ගත්තා....

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now