part 21

129 24 8
                                    


"ඒන්ජල් දුවන්නෙපා ඔයාව වැටෙයි..."

මං කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑ...මුරන්ඩු කෙල්ල දුවලා ගියා පඩිපෙල දිගෙ පහලට දුවලා එතනින් මිදුලට පැන්නා....මං එයාගෙ පස්සෙන් දුවද්දි ඩොලී අපි දෙන්නගෙ පස්සෙන් දුවන් ආවා...එලියෙ හොඳටම හිම වැටෙනවා...ඒන්ජල් ස්කාෆ් එකක්වත් නැතුව එයා ඇඳන් හිටපු ෂෝට් එකයි ටී ශර්ට් එකයි එක්ක එලියෙ නටන්න දිව්වා මං එපා කියද්දි....

ඩොලීට නම් ගානක් නැ...එයා ⁣හිම වලට කැමති...ඒත් ඒන්ජල් අසනීප වෙයිද....මං එලියට දුවලා ගිහින් ඒන්ජල්ව අල්ල ගත්තා එයාව උස්සන් ගෙට අරන් ඇවිත් දොර වහලා ලොක් කරා...

"ඒන්ජල්"

මං රවාගෙන බලද්දි අර සතුටින් දිලිසි දිලිසි තිබ්බ මූන කලු වලාවකින් වැහිලා ගියා..මේ මායම් වලට අහු වෙන්න හොඳ නැ..එයා ලෙඩ වුනාමත් මමයි විඳවන්නෙ...එයා අඬන්න මූනත් හදන් අහක බලන් ඉද්දි මං නිකටෙන් අල්ලලා මූන මගේ පැත්තට හරවා ගත්තා...ඒත් අහක බලන්...මං එයාව මගෙන් ඇත් කරා

"ඒන්ජල්,ඔයා අසනීප වෙයි මේ සීතලේ එලියෙ දුවලා.ඔච්චරම ආස නම් ඇඟ වැහෙන්න ඇඳන් එලියෙ යන්න..."

මං එයාගෙ කම්මුලකට තට්ටුවක් දාලා උඩට එන්න ආවා..මං දන්නවා දැන් එයාගෙ මූනෙ හැටි..

"රූ.."

මං පඩිපෙල මැද නැවතුනාට හැරිලා බැලුවෙ නැ...

"සමාවෙන්න "

මං ආයෙ යන්න පටන් ගත්තා...ඒන්ජල් ගෙ කලබල අඩි සද්දෙ මගෙ පිටිපස්සෙන් ඇහෙනවා...එයා දුවලා ඇවිත් මගෙ අතක එල්ලුනා...

"අනේ සමාවෙන්නකෝ...."

"සමාව ගන්න ඕන නෑ බබා..."

"ඔයා තරහ වෙලා මං එක්ක..."

"මං තරහ නැ.."

"එහෙනම් මාව එලියට එක්කන් යන්නකො..."

"......."

"අනේ..."

එක දිගට කොඳුරන ගමන් මගේ අතක් වේගෙන් හොල්ලනවා...මං එයාගෙ අතින් අල්ලගෙන ම උඩට ඇවිත් එයාව එ⁣යාගෙ රූම් එකට තල්ලු කරා...

"ඇඟ වැහෙන ඇඳුමක් ඇඳන් එන්න යන්න..."

ටිකකින් අපි දෙන්නා හිටියෙ ඩොලී එක්ක හිම වලින් සෙල්ලම් කර කර....හිම වලින් රූප හදලා,හිම බෝල වලින් සෙල්ලම් කරලා තුන් දෙනාම ඇතුලට ආව ගමන් වැටුනෙ සෝෆා එකට....ඩොලී සෝෆා එකට නැගලා මගේ උකුලෙන් මූන තියා ගනිද්දි ඒන්ජල් එයාගෙ ස්කාෆ් එක ගැලෙව්වා....ඒ මූන සීතලට රෝස පාට වෙලා....මගෙ අනිත් උරහිසට ඔලුව තියන් ඉද්දි,තාමත්  අපි හිම කැට එක්ක හිනාවුන හිනාවක නටබුන් ඒ දෙතොල් වල රැඳිලා....

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now