part 27

103 21 3
                                    


සේහි උදේ නැගිට්ට ගමන් හෙව්වෙ තමන්ගෙ ජංගම දුරකථනය....කලින් දවසෙ රෑ යෝරිම් ඒක අරන් මොනාද කරා කියලා මතක් වුන නිසා සේහි ඇ⁣ඳේ කෙලින් වෙන ගමන් දුරකථනය පරීක්ශා කරන්න ගත්තා...ඒත් සේහි හොයපු කිසිම දෙයක් තවදුරටත් ඒ ජංගම දුරකථනය තුල තිබුනෙ නෑ....බෙල්ල මුල ඉඳල රත් වීගෙන එන හැඟීමක් සේහිට දැනුනා...අඬු නින්ද නිසා රතු වුන බෝල ඇස් වල තරහටයි දුකටයි කඳුලින් පිරිලා යද්දි සේහි ⁣දුරකථනය අතට තද කරගෙන ඇ⁣ඳෙන් නැගිට්ටා...ලොක් කරලා නොතිබ්බ දොර දඩස් ගාලා ඇරගෙන රත් වෙච්ච කෝච්චි එන්ජින් එකක් වගේ පිඹගෙන දැන් මේ සේහි යන්නෙ තමන් එක්ක එකට වැඩ කරන සහෝදර ගායිකාව වෙච්ච පාක් යෝරිම් හොයාගෙන.....හැබැයි තමන්ගෙ කාමරේට වෙලා තඩි සයිස් කෑම එකකට වැඩේ දෙන ගමන් එයාලගේ මැනේජර්ගෙ පතරංග දේශනේකට සවන් දෙන අසරණ යෝරිම් දැනන් හිටියෙ නෑ එයාට ඉස්සරහට අත් වෙන්න යන ඉරණම.....

අන්තිම එග් රෝල් කැබැල්ලත් මුවට හලාගත්ත යෝරිම් බඩ අත ගාන ගමන් පුටුවෙන් නැගිටිද්දිම කවුරුහරි එයාගෙ කාමරේ දොරට එකදිගට හයියෙන්ම ගහ්න ගත්ත නිසා එයා ගිහින් දොර ඇරියා..

"යා තමුසෙ පාක් ෆකින් යෝරිම්...."

යෝරිම් ගෙ ඇස් ලොකුවෙලා ගියෙ දොර ඇරන් ඇතුලට පැනපු සේහි,යෝරිම්ගෙ කරේ එල්ලිලා දත් මිටි කන ගමන් කෑ ගහපු නිසා....සේහි යෝරිම්ගෙ ටී ශර්ට් එක එක්කම යෝරිම්ගෙ බෙල්ලත් අල්ලගෙන,ඒ මදිවට යෝරිම්ගෙ කැරලි කොන්ඩෙත් ඒකටම තියලා ඇදලා අල්ලගෙන...

"ඇයි මේ...⁣මං මොකක්ද කලේ...?"

"තමුන් කලේද, තමුන් කලේ තමුන්ට මං වෙනුවෙන් කරන්න පුලුවන් එපාම කරපු වැඩේ...ඇයි ඇයි ඒවා ඩිලිට් කලේ කියනවා...ඇයි..?"

"අර ෆොටෝ ටිකද..?"

යෝරිම් ඇහුවෙ තමන්ගෙ බෙල්ල අල්ලගෙන ඉන්න සේහිගෙ අත් වලින් අත් දෙක තියලා හිනාවෙන ගමන්...යෝරිම් ගෙ මූන දිහා ම බලන් ඉඳල තල්ලු කරන ගමන් ඒ අත් දෙක ගසලා දාපු සේහි තමන්ගෙ අතේ තිබ්බ  ⁣දුරකථනෙ එතනම බිමට විසි කරලා දාලා ආපු වේගෙන්ම පිට වෙලා ගියා...ආයෙ තමන්ගෙ කාමරේට ඇවිත් ඇඳට වැටුන සේහි පුලුවන් තරම් හයියෙන් ඇඬුවා....ඩෝම් එක ඇතුලෙ හිටියෙ යෝරිම් විතරක් නිසා එයාගෙ ඇඬුම් හඬ අහන්නවත්,එයාව සනසන්නවත් කවුරුවත් හිටියෙ නෑ....පැය බාගෙකට ආසන්න වෙනකන් අඬ අඬ හිටපු සේහි ගෙ මුවින් පිටවුනේ කලකිරීම මුසු වචන ටිකක්...

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now