part 09

149 28 2
                                    

අද මං යුනිවසිටි යනවා....හේස් මට ක්ලාස් එක හොයලා දෙන්න පොරොන්දු වුනා...එයා හිටිය නිසා මට දැනෙන නොසන්සුන් කම ටිකක් අඩු වුනා....මං එයා එක්ක ඇවිත් මුලින්ම මගේ පාස් එකත් අරන් යුනිවසිටි මැප් එකත් අතේ අරන් ඇවිදන් ගියා...බිස්නස් මැනේජ්මන්ට් වලට අමතරව මට පේන්ටින්ග්ස් ගැන ලොකු උනන්දුවක් තිබ්බ නිසා මං ඒ ගැන ඉගන ගන්න අයදුම් කලා...මං කැමති දේවල් ඉගන ගන්න ඩැඩ් සම්පූර්ණ කැමැත්ත දුන්න නිසා වෙලාව තියන විදියට ඒක මැනේජ් කර ගන්න මට පුලුවන් වුනා..හේස් කිව්ව විදියට මෙහෙදි අමතරව ක්‍රීඩාවක් කරන්නත් වෙනවා..ඒත් තාම මං ඒ ගැන හිතුවෙ නෑ...ඒක පස්සෙ...

හවස මං එලියට ආවෙ හේස්ට වඩා විනාඩි තිහක් පරක්කු වෙලා...මට යාලුවො කවුරුවත් හිටියෙ නැති නිසා මං තනියමම එලියට එද්දි හේස්ගෙ යාලුවො පොකුරෙ හිටිය අයට බායි කියලා එයා මං එක්ක ගෙදර එන්න ආවා...
_____________________________________________

"ඩාලිං ඔන්න අපි ආවා..."

සූ අන්කල් ගෙදරට ඇතුල් වුනේම කෑ ගහගෙන...හේස් ගිය ගමන් සෝෆා එකට වැටුනා මං ඇතුලට ඇවිත් සෝෆා එක ලඟ බිමින් වාඩි වුනා....

මායි හේසුයි සූ අන්කලුයි ගියේ මගෙ කොන්ඩෙ කපලා කැන්සර් හොස්පිට්ල් එකකට දෙන වැඩේ කරන් එන්න...මගේ දනහිස ලඟටම තිබ්බ කොන්ඩෙ ආන්ටිගෙ කොන්ඩෙටත් වඩා ගොඩක් කොටට කපලා දාලා හරිම සතුටින් මං ආවෙ..අමුතුම කික් එකක් හිතට එනවනෙ මොකද මන්දා......

"වාහ් බබී ඔයා ව අඳුන ගන්නත් බෑ..."

"කැතයිද...?"

"කොහෙත්ම නෑ බබී....ඔයා කොහොම කරත් ලස්සනයි...."

"තැන්ක්ස් සූ ආන්ටි...මං වොෂ් දාන් එන්නම්..."

"හරි බබා..මං ඔයාගෙ මිල්ක් ශේක් එක ෆ්‍රිජ් එකට දානවා..."

මං කාමරේට ආවා...පැය ගානක් වොශ් කරලා එලියට ඇවිත් මං හෙව්වෙ ආර්ට් පැත්තෙන් කරන්න පුලුවන් දේවල් ...

ආර්ට් ගැලරි,පේන්ටින්ග්ස් ගැන හොය හොය ලැප් එක එක්ක පැය ගානක් ගෙවලා ඩිනර් එකත් අරන් මං ඇඳට වැටුනා....නින්ද කොහොමත් දුරයි...මං සින්දුවක් අහන්න හිතුවා....ෆෝන් එක අරන් සිංදුවක් දාලා කොට්ටෙ ලඟින් තියලා මං ඇස් පියා ගත්තා...

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now