part 20

142 26 10
                                    

"ඇයි මට ඒන්ජල් කියන්නෙ...?"

ලන්ච් ගන්න අතරෙ එයා මගෙන් අහනවා...මං හැන්ද පැත්තකින් තියලා එයා දිහා බලන් හිටියා....එයා පෝක් කෑල්ලක් කටට දා ගත්තා...

"ඔයා ඒ වගේ නිසා"

මං එයා දිහා බලන්ම කියද්දි ඒ මූන රතු වෙලා හිනාවකට හැරුනා...එයා මූන පහලට හරවා ගත්තා...මං හිනාවෙන ගමන්ම ආයෙ කන්න පටන් ගත්තා...කාලා වොශ් දාන් සැහැල්ලු ෂෝට් එකකට අත් දිග කමිසයක් දාන් මං පහලට දුවන් ආවා... ඒන්ජල් පේන්න හිටියෙ නැ...

"ඒන්ජල් ඔයා කොහෙද, එන්න අපි ගමනක් යනවා.."

"අපි කොහෙද යන්නෙ?"

එයා මගෙ ෆොටෝ එකක් අතේ තියන් මං දිහා හැරිලා බැලුවා...අයිෂ් මේ කෙල්ල හැම තිස්සෙම මෙහෙම ඇස් බෝල කරන් බලල,කොයි වෙලාවක හරි මට පපුවෙ අමාරුව හදවනවා..මං නළල අතින් පිරිමැද ගත්තා...

"අපි ඔයාට ඇඳුම් ගන්න යනවා.....එන්න වොශ් දාන්  මගේ ඇඳුමක් දාන් එන්න...."

"ඒත් එහෙම..."

"මුකුත් කියන්නෙපා යන්න"

එයා ඔලුව වනලා වොශ් දාන්න ගියා ⁣අතේ තිබ්බ ෆොටෝ එකත් අරන්ම...මං සෝෆා එකෙන් වාඩි වෙලා තෙත කොන්ඩෙ ගැසුවා...වේලන්න බැරි වුනානෙ...මං ආයෙ උඩට ආවා....මගේ රූම් එකේ දොර ඇරලා...
ඒන්ජල් බාත් රූම් එකේ වෙන්නැති...

මං හෙයා ඩ්‍රයර් එකත් අරන් හැරෙද්දිම මගේ ඇස් වලට අහු වුනෙ ඇඳ උඩ තිබ්බ ෆොටෝ එක...එයා බල බල ඉඳල තියෙන්නෙ මගේ ඉස්සර ෆොටෝ එකක්...මං ඒක එහෙමම තියෙන්න දීලා පහලට ආවා...

ටිකකින් ඒන්ජල් මං ඉන්න තැනට ආවෙ තෙත කොන්ඩෙත් එක්ක...මං එයාගෙ කොන්ඩෙ වේලන්න ගත්තා....එයා බබෙක් වගේ මං කොන්ඩෙ වේලනකන් බලන් ඉන්නවා වාඩි වෙලා...මගෙ ඇඳුම එයාට ලොකු වැඩි,ඒ ටී ශර්ට් එක එයාගෙ දනහිස ගාවටම දිගයි...මං මගේ ලොකු කෝට් එකක් අන්දලා එයාට මාස්ක් එකක් දැම්මා...එයාගෙ කොන්ඩෙත් බන් එකක් විදියට හදලා අයිස් කැප් එකක් දැම්මා ඊලඟට එයා දාන් හිටපු මගේ ලොකු සෙරෙප්පු දෙක ගලවල අතට අරන් එයාව උස්සල අරන් ගිහින් කා එකෙන් තියලා ඒ කකුල් වලට සෙරෙප්පු දැම්මා..පිටින් ඉඳන් බලද්දි එයාව පේ⁣න්නෙ තනිකරම ගෝනිබිල්ලෙක් වගේ...අපි ශොපින් කරත් ඒන්ජල් ඇවිද්දෙ අමාරුවෙන් ඒත් එයා මට එයාව වඩා ගන්න දුන්නෙත් නෑ...එයාට හරි යන විදියෙ ඇඳුම් කිහිපයක්ම අරන් මං එයාට ෂුස් දෙකකුත් අරන් දුන්නට පස්සෙ මගින් මිල්ක්ෂේක් දෙකකුත් අරන් අපි ගෙදර ආවා....
______________________________________________

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now