මං යද්දි ඩෑඩ් මීටින් එකක...මං එයාගෙ රූම් එකේ සෝෆා එකෙන් හාන්සි වුනා...ඔලුව කැක්කුම සැරට දැනුන නිසා,හූඩියෙ කැප් එකෙන් මූනත් වහන් ඇස් පියන් ඉද්දි ලාවට නින්දකුත් ගියා....පැයක් විතර එහෙමම ඉද්දි ඩෑඩ් ආවා....."බබී,ඔයා ගෙදර යන් නැතුව ඇයි මෙහෙ ආවෙ දරුවො..මමා බය වෙලා ඇති...කෝල් එකක් දීලද ආවෙ...?"
මං නෑ කියන්න ඔලුව දෙපැත්තට වැනුවා...
ඩෑඩ් මට ඉස්සරහ වාඩි වෙන ගමන් කෝල් එකක් අරන් මමාට කියන අතරෙ මං රිදුම් දෙන හිස කෙලින් කරන් නැගිටලා,හූඩියෙ කැප් එක අයින් කරලා, කලිසමේ කකුල් දෙකත් පහලට ඇදලා හදාගෙන වාඩි වුනා..."ඩෑඩ්,මගෙ පලවෙනි ඉල්ලීම කරන්න පුලුවන්ද දැන් මට.."
මං හොඳටම හිතල එහෙම අහද්දි ඩෑඩ් උනන්දුවෙන් ඔලුව වැනුවා...
"අනිවාරෙන් බබී...ගො අහෙඩ්..."
"ම්ම්ම්...මාව කැනඩා යවන්න පුලුවන්ද.......?"
මං පුලුවන් තරම් හුරතල් විදියට මූන හදන් ඇස් ලොකු කරන් අහද්දි..ඩෑඩ් ටිකක් වෙලා බලන් හිටියා මුකුත් නොකියා...
"බබී මං හිතන්නෙ ඔයාට මහන්සියි වගේ අපි ගෙදර ගිහින් ටිකක් රෙස්ට් කරමු..."
ඩැඩ් නැගිටලා යන්න හැදුවම මං ඩැඩ්ගෙ අතක එල්ලුනා...
"ඩැඩ්...මේක විතරක් මං වෙනුවෙන් කරන්නකො...මට මෙහෙ ඉන්න අමාරුයි..මට පිස්සු හැදෙයි ඩැඩා...ටික කාලෙකට මාව යවන්න...ආහ්..?"
ඒ ටික කියද්දි කඳුලු වල බර මගේ ඇස් කම්මුල් ඔක්කොටම දැනුනා...ඩෑඩ් එයාගෙ ඇස් පිල්ලම් කීප පාරක්ම ගැසුවා...
"බබී ඔයා දන්නවද ඔයාගෙ මමාට මේක අහලා මොනවා හිතෙයිද කියලා..?"
"ප්ලීස් ඩැඩ් මං හැමදාම කතා කරන්නම්,මට මේක ලේසි නෑ...ඔයාලා නැතුව ඉන්නෙක මට කොච්චර අමාරුද කියලා ඔයා දන්නවා...ඒත් මෙහෙ ඉන්නෙක මට ඊටත් වඩා අමාරුයි ඩැඩා ප්ලීස්..."
"ඔයාට මාවයි ඔයාගෙ මමාවයි දාලා මෙහෙන් යන්න තරම් තියන ප්‍රශ්නෙ මට කියනවද බබී...? එතකොට මං ඔයාව යවනවද නැද්ද කියලා කියන්නම්"
"ඩැඩා ඒක මං කියන්නම්,මට ටිකක් කල් දෙන්න..මං එහේ ඉඳන් මොනා හරි ඉගන ගන්නම්...එහෙම හොඳයි නේද...ආහ්?"
YOU ARE READING
🍁Still Alone 🍁[Completed]✓✓
Non-Fiction🍁story of her life line...🍁 . . . . . . . . . _මෙහි එන නම් ගම් ස්ථාන සියල්ල මනංකල්පිත වන අතර මෙය හුදෙක් මා විසින් කරන ලද නිර්මාණයක් පමනක්ම වන බව කරුණාවෙන් සලකන්න_ 🚫කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වළකින්න🚫