part 05

174 30 12
                                    

…අවුරුදු 04කුත් මාස 01කට පෙර.....

"ඩෑඩ්..එන්නකො මට කතා කරන්න ඕනෙ..."

මං ඩෑඩ් ගාවට ගිහින් අතින් ඇද්දා..එයා හිටියෙ මමා ගාව හුරතල් වෙවී...ඒත් මට ඒක හිතන්න ඕන වුනේ නැ ඒ වෙලාවෙ....මගේ වදේ නිසා ඩෑඩ් මං එක්ක ලිවින්ග් රූම් එකට ඇවිත් වාඩි වුනා...

"දැන් කියන්න බලන්න බබී මගේයි මමාගෙයි ආදරනීය මොහොත කඩා කප්පල් කරපු වටිනා කියන  හේතුව..."

"ඩැඩා, මගේ ග්‍රැජුවේශන් සෙරමනි එක තියෙනවා තව සති දෙක හමාරකින්...ඔයායි මමායි ශෝනුයි එනවා නේද...?"

"සෙලීත් ඉන්නවනෙ බබා...අපි නෑවිත් ඉන්නවද එහෙම.."

"එයා හිටියට බෑ..ඔයායි මමායි ඕනෙ..."

"හරි මමායි ඩැඩායි එනවා...මගේ බබීට මොනාද එදාට අපි දෙන්නෙ..."

"මුකුත් නෑ...මට ඔය දෙන්නා එක්ක ඉන්න ඕන එදා දවසම......"

"එතකොට සෙලී..."

"එයා.."

එයා ගැන කියන්න මං දන් නැ..මට මේ හැමදේකිම්ම එන දුක එදාට එපා...මට මමාවයි ඩැඩාවයි ඉන්න තැනක ඒ දෙන්නගෙ අත් අතරෙ ඉන්න ඕන...මං දන්නෙ එච්චරයි...

"එයාට ශොන් ඉන්නවනෙ ඩැඩා...ඒ දෙන්නා නැතුව මං එක්ක ඉන්නකො...අනේ.."

"හරි මමායි ඩැඩායි ඔයා එක්ක ඉන්නම්...ප්‍රොමිස්..."

මං ඩැඩාගෙ පපුවට ගුලි වෙලා පොඩි ලමයෙක් වගේ හිනාවුනා...ඩැඩා මගෙ දිග කොන්ඩ කෑලි මගෙ මූනෙන් අයින් කර කර ඔලුව අත ගෑවා...මං දන්න එකම ආරක්ශිත තැන...මට හැම දුකක්ම අමතක කරවන හයිය අත් අතරෙ මං සැනසිලිදායක විරාමයක් ගෙව්වා...

ඒ ගෙවුන සති දෙක හමාර මං එයාලගෙ මතක වලින් මගෙ හිතයි ෆෝන් එකයි පිරෙව්වා...මං ඩැඩාවයි මමාවයි මගේ විතරයි කියලා ශෝන් එක්ක රන්ඩු කරන්න පවා පටන් ගත්තා...මං ඇඬුවෙ නැති වුනාට මට ඇත්තටම ගොඩක් ලොකු දුකක් දැනුනා..ඒ විතරක් නෙවෙ මට එයා එක්ක ගොඩක් තරහත් ගියා .මගෙ හැමදේම මට නැති වෙයිද කියන හැඟීම මාව ඇතුලෙන් දවන නිසා මට විනාඩියකටවත් මමාවයි ඩැඩාවයි වෙන කාටවත් දෙන්න බෑ කියලා හිතෙන්න අරන්...

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now