part 28

104 19 3
                                    


"සේහි ඔයා අදට ප්‍රැක්ටිස් කරා ඇති..."

හය වෙනි වතාවටත් ස්ටෙප් එකක් වරද්දපු සේහි දිහා බලලා කෝච් කිව්වා...සුදුමැලි වුන මූනින් බිම බලා ගත්ත සේහි කකුල්වල ඇඟිලි බිමටම ගුලි කර ගත්තා...කෝච් මුකුත් ම නොකිව්වත් තමන්ගෙන් වැරදීම් වුන බව සේහි දන්නවා...

"සමාවෙන්න කෝච්.."

"ඉට්ස් ඕකේ සේහි..හොඳට විවේක ගන්න..හැමදේම හරි යයි.."

සේහි ගෙ ලඟට ආව කෝච් සේහිගෙ පිටට තට්ටු කරලා කිව්වා...ඒත් ටික වෙලාවකින් තමන්ගෙ කාමරේට නොඉවසිල්ලෙන් වගේ දුවන් ආව සේහිගෙන් පෙනුනෙ විවේක ගන්න ඕන වුන පෙනුමක් නම් නෙවෙ...කාමරේ දොර ලොක් කරලා ලැප් එකත් ලඟට ගත්ත සේහි ඇඳ ගාව බිමින් වාඩි වෙලා අතේ තිබ්බ පෙන්ඩ්‍රයිව් එක ලැප් එකත් එක්ක සම්බන්ද කරා....

ෆෝල්ඩර් එකින් එක බලාගෙන යද්දි සේහිට තේරුනා තමන් අද යෝරිම් ගෙ බෙල්ල මිරිකන්න හදපු එක මොන තරම් නරකද කියලා....ෆෝන් එකෙන් අතුරු දහන් වුන හැම ෆොටෝ එකක්ම ඒ ෆෝල්ඩර් වල තිබ්බා...සේහිගෙයි රූස්රත්ගෙයි මතක හැම එකක්ම...සේහි ලඟවත් නොතිබ්බ සමහර ෆොටෝස් ඒකෙ තිබ්බා....එක ෆෝල්ඩර් එකකට ගිහින් බැලුවම සේහි දැක්කා තමන්ට හොරෙන් ගත්ත තමන්ගෙ ෆොටෝ ගොඩක් Angel baby කියන නමින් සේව් කරලා තියන බව....අන්තිම ෆෝල්ඩර් එකට ගියාම ඒකෙ තිබුනෙ එකම එක වීඩියෝ ක්ලිප් එකක් විතරයි..ගැහෙන හදින් සේහි ඒ වීඩියෝ ක්ලිප් එක ප්ලේ කරා....තත්පර දෙකක් තුනක් ගෙවුනා....සේහිගේ හද ගැස්ම එයාටම ඇහෙද්දි ඇස් ඉස්සරහ දර්ශනය වුනේ මෙච්චර කල් තමන්ගෙ හිත හොරා ගත්ත ආදරණීය රූපෙ....

වෙනදා වගේ නෙවෙ...උරහිස ලඟට වැවුන කොන්ඩෙ උඩට කරලා ගැට ගහලා...ඒ අතරින් මිදුන කොන්ඩ කැබැල්ලක් මූනට වැටිලා...ඉස්සර සේහි නිතරම රූස්රත්ගෙ ඇඳුම ඇතුලට ගිහින් නිදා ගද්දි,ආවරනය විදියට විදියට ක්‍රියා කරපු අලුපාට ලොකු ටී ශර්ට් එක ඇඳලා වුනත් ඒ කාලෙටත් වඩා දැන් රූස්රත්ට ඒ ඇඳුම ලොකු යි....තත්පරෙන් ඒ රූපෙ අඟලක් ගානෙම පරීක්ශා කරපු සේහිට තවත් දෙයක් තේරුනා...තමන් ඒ කාලෙ චීස් වගේ කිය කිය රතු වෙනකන් පොඩි කරපු ඒ පිරුනු කම්මුල් වල පිරිපුන් බව මැකිලා...ඇස් යට කලු වෙලා...නිල් පාට ⁣බෝල ඇස් වල දීප්තිය ගිලිහිලා...රෝස පාට තොල් සුදුමැලි වෙලා...සේහි ගෙ ඇස් වල කඳුලු පිරුනා....

🍁Still Alone 🍁[Completed]✓✓Donde viven las historias. Descúbrelo ahora