part 14

127 23 1
                                    

මම,නිව්ට්,බේන්,ඩෙමී කට්ටියම එකතු වෙලා සාක්ෂි හොයන්න හැදුවත් අපිට කිසිම දෙයක් කර ගන්න බැරි වුනා...බ්‍රීස් ඊ⁣ට පස්සෙම මට කතා කලේ නෑ....අදත් මං යන්න හදන්නෙ නිව්ට්ගෙ ගෙදරට බේන් ට අදහසක් ආවා කිව්ව නිසා ඒක අහන්න.... මගදි ඩෙමීව මුන ගැහුන නිසා එයාවත් දාගෙන එද්දි එක පාරටම වංගුවත් එක්කම  බයික් එක ඉස්සරහට පැන්නෙ ලේ පෙරා ගත්ත කෙල්ලෙක්...මං බයික් එක අහකට කැපුව නිසා ඒ කෙල්ලව යන්තන් බේර ගත්තත් බයික් එක තාප්පෙක හැප්පුනා..

"රූස් හෙල්ප් මී...මාව බේර ගන්න....ඉක්මන් කරන්න...ප්ලීස්..."

මගේ අතින් ඇද ඇද කෑ ගහන්නෙ වෙන කවුරුත් නෙවෙ,බ්‍රීස්...මේකිට මොනා වෙලාද

"මොකද  වුනේ ?"

"වෙලාව නැ දැන්..මං කියන්නම් අපි යමුකො මුලින්ම ප්ලීස්..විස්වාස කරන්න මාව..."

ඩෙමීගෙ කෝට් එක ගලවල බ්‍රීස්ට අන්දලා අපි දෙන්නගෙ මැදින් බ්‍රීස්වත් දාගෙන මං නිව්⁣ට්ගෙ ගේ පැත්තට එන්න ආවා....ඒත් මගදි හයෙ හතරෙ මිනිස්සු දෙන්නෙක් පාර මැද ඉන්නො දැක්කම මට කරන්න දෙයක් හිතා ගන්න බැරි වුනා...

"ඒ එයාලා.."

එ අතරෙ බ්‍රීස් හිමිහිට කෙඳිරුවා...මං ඕන එකක් වෙන්න කියලා බයික් එකේ වේගෙ වැඩි කලා...ලඟටම එනකන් බලන් ඉඳලා ඒ මිනිස්සු දෙන්නා දෙපැත්තට පැන්නා...

"යා තමුසෙ මොන මරාලයක්ද ඕයි උස්සන් ආවෙ....රූස් මට වමනෙට වගේ...මේකෙ වේගෙ වැඩියි.."

ඩෙමී බෙරිහන් දෙන්න ගත්තම මට තව තරහ ගියා...

"කට වහපන් බූරුවෝ...පේන් නැද්ද අපිව ෆලෝ කරනවා.."

කලු ජීප් එකෙන් බේරිලා වටෙන් වටෙන් ගිහින් නිව්ට්ගෙ ගෙදර ගරාජ් එකට බයික් එක දාද්දි මගේ හොඳ පන ගිහින්....මට ⁣වැඩක් වෙන දෙයක් නොවුනොත් බ්‍රීස්ව මං ඉතුරු කරන් නැ මෙච්චර කරදරයක් දුන්නට...

ගෙයි ඇතුලට ගියා විතරයි ඩෙමී සෝෆා එකට වැටුනා....

"මං හිතුවෙම අද මං මැ රෙයි කියලා...රූස් තමුසෙ නම් යක්ශ පැටියෙක්.."

" කෑ නොගහ ඉන්නවා ඩෙමී...එහෙම නොකර අහුවෙලා මැරුම් කන්නද කියන්නෙ..?"

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now