part 03

190 34 6
                                    


අවුරුදු 4කට පස්සෙ මං කොරියා ආවෙ දවසකට කලින්...මං එද්දි හැමදේම කලින් තිබ්බ වගේමයි...ඒත් මගේ පවුලෙ තත්වය වෙනස් වෙලා...ඩෑඩ් රුසියා ගිහින්....ශෝන් සෙලීව මැරි කරලා.....මමා විතරක් ඉස්සර වගේම මං එනකන් බලන් ඉඳලා....

මං එයාපෝට් එකෙන් එද්දි ශෝන් එවපු බොඩි ගාඩ්ස්ලා පස් දෙනෙක් හිටියා..එයාලා එක්ක ආවත් මගදි සෙලී බාල්දියක් පෙල්ලගෙන ඉන්නවා දකිද්දි මං එයාලට ඉන්න කියලා සෙලීව ගන්න ගියා....දන්න කියන දෙන්නෙක් සෙලීව බෙදා ගන්න රන්ඩු කරන හැටි දැකලා මට හිනා යන්නත් ආවා....කැනඩා වලදි නිතර හම්බුන මූනක් මාව දැක්ක ගමන් ලෙස්සල ගියා....අනිත් මූන මං නිසා අවුරුදු හතරකට කලින් ශෝන්ගෙන් හොඳ⁣ ඩිනර් එකක් ඉල්ල ගත්තු නහරකාරයෙක්....දෙන්නම යැව්වට පස්සෙ තව අය සෙලීව ෆලෝ කරනවා...මරු හැබැයි...

සෙලීව අත් දෙකට ගුලිකරන් ගෙදර ලඟටම ආවට පස්සෙ  එනකන්ම කතා නොකර ආව එයා කට ඇරියා....එතනටම ඇවිත් සෙලීට කතා කරන්න හිතුන හැටි...මෝඩි මෝඩි මෝඩි...මං එයාව කවර් කර නොගත්ත නම් එයාට බු ල ට්ස් දෙකම වැදිලා දැන්...බොඩි ගාඩ්ස්ල⁣ට එන්න එපා කිව්ව එකේ වරද මේ...කොහොම හරි කාගෙන එයාව ඇතුලට අරන් ආවා.....

සෙලී අඬනවා...එයාව මට සනස ගන්න බෑ මේ වෙලාවෙ...මට තුවාලෙට වඩා ඒක හිතට අමාරුයි...මං එයාගෙ කඳුලු පිහදැම්මා...වට පිටාව බොඳ වෙලා ගිහින් ටිකකින් ඔක්කොම අඳුරු වුනා...සෙලී පරිස්සම් නැ...අන්තිම මොහොතෙත් මට මතක් වුනේ ඒක විතරයි..
_____________________________________________

මට සිහිය එද්දි මං හිටියෙ ⁣සුදු පාට හොස්පිට්ල් රූම් එකක...ටිකකින් මමා මාව බලන්න ආවා සෙලී එක්ක...මං එයාලා එක්ක හිනා වුනාම සෙලි අඬන්න ගත්තා...එයා මට නොපෙනෙන්න කඳුලු පිහිද ගත්තත් මං ඒක දැක්කා..එයාලා මං එක්ක කතා කරා..සෙලී හිතනවා එයා නිසා මේක වුනා කියලා...එයාව දුකින් තියන්න ඕන නැ..ඒත් මේකෙ ඇත්ත තත්වෙ කියලා එයාව බය කරන්නත් මට බැ...දැන් මට ඕන ශෝන් එක්ක මේ ගැන කතා කරන්න..ඒත් ඒ බූරු පැටියා මකබෑ වුන තැනකින් තාම ආවෙ නැ....

සෙලී මං එක්ක වෙනදා වගේ පහසුවෙන් ඉන්නෙ නැ කියලා මං එයාව දැක්ක මොහොතෙම තේරුම් ගත්තා..එයාට දැන් මාව ඉස්සර වගේ හුරු නැතුව ඇති....දැන් දැන් මටත් මාව හුරු නෑ සෙලී...

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now