part 10

141 27 2
                                    


තව පැයකින් තර⁣ඟෙ පටන් ගන්නවා ඒත් අර ප්‍රංශ කෙල්ල තාම නැ...කොච්චර ප්‍රැක්ටිස් කරලා ආවත් තරඟ කරන එක ගැන මට තාම හිතන්නවත් බෑ....ඒ විතරක් නෙවෙ,අනිත් පැත්තෙ ටීම් එකේ හේස් එක්ක තරඟ කරන්න ඉන්න මැතිව්ස් නිසා හේස් ටිකක් බය වෙලා ඉන්නෙ....එයාව සන්සුන් කරන්න වෙලා තියෙන්නෙත් මට...

තර⁣ඟෙ පටන් ගත්තත් ප්‍රංශ කෙල්ල ආවෙ නැ...කෝච් කියන විදියට මං ඊලඟට යන්න ඕන....මට මාසයක් විතර දියර ආහාර විතරක් ගන්න වෙන පාටක් ඉස්සරහට පේන්න තියෙන්නෙ..මං ප්‍රංශ කෙල්ලව ආදරෙන් මතක් කර කර පින් දෙන ගමන් රින්ග් එක ඇතුලට ගියා...මාත් එක්ක තරඟ කරන්න ඉන්න කෙනාව දැක්කම මාව සප්‍රයිස් වුනා...

බ්‍රීස්.....

මං හිතට දැනුන නොසන්සුන් කම මූනෙන් නොපෙන්වා එයා දිහා බැලුවා..මේ කි එක්ක තරඟ කරන්නෙ කොහොමද මං....කොහොමින් කොහොම හරි තර⁣ඟෙ ඉවර වෙද්දි මම තර⁣ඟෙ දිනුවා ,ඒත් බ්‍රීස්ගෙ මූනෙ කිසිම දුකක් මං දැක්කෙ නෑ....එයා මං ලඟට ඇවිත් මං දිහා බලන් හිටියෙ හරිම සතුටින්....

"ඔයා වින් කරපු එක ගැන මට සතුටුයි.."

"මොකක්...?"

"ම්ම්ම්..."

ඒකි සිහියක් නැතුව මගේ මූන දිහායි තොල් දිහායි බලන නිසා මට ඉබේටම දත් මිටි කැවුනා..මං දිහා බලන ගමන් බ්‍රීස් දාඩිය බේරි බේරි තිබ්බ මගෙ බෙල්ලෙ ඇඟිල්ලකින් ඉරි අඳින්න ගත්තෙ වටේ පිටේ මිනිස්සු ඉන්නෙකත් ගානක් නැ වගේ..දැනුනු අපහසුතාවය නිසා මං ඉක්මනට ඒකිගෙන් ඈත් වුනත් වෙනදට සන්සුන්ව හිතන මගේ මනස තරහින් පිරිලා ගිහින්....මට තේරුන එකම දේ මේකි හිතා මතාම මට දිනුම දෙන්න තමන් පරාද වුනා...මං නිකන් මටම පරාද වෙලා වගේනෙ..

මං ඒකිගෙ අත ගසලා දාලා එලියට ආවා...මං කිසිම හැකියාවක් නැති මනුස්සයෙක් වගේ ජීවිතේ පළවෙනි වතාවට මට දැනුනා....හේස් නම් ෆුල් හැපනින් එකේ එළියට ආවෙ මැතිව්ස් ගෙ නම්බුව හේදුවා කිය කිය....ඇත්ත හේස් නියමයි..එයා ගොඩක් දක්ශයි....හේසුයි යාලුවො තුන් දෙනායි මගේ වටේට එකතු වුනේ සිද්ධ වුනේ මොකක්ද කියල අහන්න...මං එයාලට වෙච්ච දේ කිව්වා...

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now