"ඔයා මට කිව්වා කාටවත් කියන්නෙ නෑ කියලා..."
කලින් දවස් කිහිපයේ වගේම ගෙදර ඉස්සරහ බංකුව උඩ වාඩි වෙලා කන්ද පහලින් පේන සුදු පාට වනාන්තරය දිහා බලන් හිටපු රූස්රත් බිම බලාගෙන කෙඳිරුවා..එතන හිටන් හිටපු හේස් රූස්රත්ගෙ මූන අධ්‍යයනය කරා...ඒ මූන හැඟීම් විරහිතයි,අඳුරුයි...බලාපොරොත්තුවක සේයාවක් නැති හිස් මූනක් ඒක...
"රූස් මට සමාවෙන්න...එයා මෙහෙ එනවා කිව්වම බෑ කියන්නෙ කොහොමද...?"
කිසිම පිලිතුරක් නොදුන්න රූස්රත් ආයෙම කලින් බලන් හිටපු දිහාවම බලන් ඉන්න ගත්තා...නිව්ට් පැටලුන හැඟීමකින් හේස් දිහා බැලුවම හේස් ඇස් වලින් තමන් එක්ක එන්න කියලා කිව්වා...
"හෙට එයාව අනිවාරෙන්ම එක්කන් යන්න ඕන..."
"ඇයි ත මුසෙ ඔච්චර කලබල..?"
"යා නිව්ට් පේන් නැද්ද එයා වෙනස්..."
"එයා කොහොමත් ප්‍රශ්න ගොඩක ඉඳලනෙ ඒ නිසා නෙ"
"නැ නැ නැ ප්‍රශ්න ආවට එහෙම වෙන්න බෑ...මං හිතන්නෙ එක්කො එයාට කාලෙක ඉඳලා මෙන්ටල් ප්‍රොබ්ලම් එකක් තිබිලා...නැත්තන් ලොකු ශොක් එකක් නිසා ඒක මේ තත්වෙට ඇවිත්... "
"මොකක්...මට හිතා ගන්න බෑ...එයා හොඳට හිටියානෙ.."
"නෑ නෑ එයා ගාව බෙහෙත් තිබුනා ඉස්සර මගේ මමා ගිහිල්ලයි එයාට ඉන්සොම්නියා වලට බෙහෙත් අරන් දුන්නෙ...ඒ ඇර එයා පාවිච්චි කරපු තව බෙහෙත් තිබ්බද කියන්න මං දන් නැ.."
"මොකක්?"
"අහනවා නිවිට්,මට මෙහෙම බලලා කියන්න බෑ හරියටම ප්‍රශ්නෙ මේකමයි කියලා..මේක මං හිතන එකම නම් අපි එයාව ගොඩක් පරිස්සම් කරන්න වෙනවා..."
නිව්ට් තනිකරම කරකවලා අතෑරපු ගානට හේස් කියවන දිහා බලන් හිටියා...
"ඒක මොකක්ද...?"
"ඒක පිටින් පේන්නෙ major depression වගේ,එයාව ගොඩක් පරිස්සම් කරන්න වෙනවා...මං එයාව දැක්ක විතරයිනෙ තාම..මේක මගේ අනුමානයක් විතරයි...."
"ත මුසෙ මෙහෙ ඉන්නවා නෙහ්...?"
"යා මං මේ තත්වෙන් රූස්රත්ව දාලා කොහොමත් යන්නෙ නෑ..."
YOU ARE READING
🍁Still Alone 🍁[Completed]✓✓
Non-Fiction🍁story of her life line...🍁 . . . . . . . . . _මෙහි එන නම් ගම් ස්ථාන සියල්ල මනංකල්පිත වන අතර මෙය හුදෙක් මා විසින් කරන ලද නිර්මාණයක් පමනක්ම වන බව කරුණාවෙන් සලකන්න_ 🚫කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වළකින්න🚫