part 17

135 24 2
                                    

"බබී කෑම කන්න එන්න..ඔයා ගොඩක් වෙලා ඔතන හිටියා..."

මමා එළියෙ ඉඳන් කතා කරද්දි,මං ඉර එළිය වැටිලා රත් වුන අත් එතනින් ඉවත් කරා....

රෑ වෙලා,ඈත පේන හද දිහා බලද්දි මට අමුතු හැඟීමක් හිතට ආවා...බැල්කනියෙ ඉඳන් අහස දිහා බලන් ගොඩක් වෙලා හිටියත් පිරුනු හඳ වලාකුලු වලින් එලියට ආවෙ දැන්....වෙන අයගෙ වගේ මගෙ හිතත් එළිය කරල නිකන් ඉන්න හඳට බැරි ඇයි....
_____________________________________________

"මිස් රොව්ඩන් ඔයා හදිසියෙම එන්න විශේෂ හේතුවක් තියෙනවද?"

"නැහැ"

"පොඩි කාලෙකින් ⁣මෙච්චර දුරක් එන්න පුලුවන් වුනේ මොන වගේ හේතුවක් නිසාද කියලා අපිට දැන ගන්න පුලුවන්ද මිස් රොව්ඩන්..."

"ඒක කැපවීම වගේම උනන්දුව කියන්න පුලුවන්,මට මගේ පවුලෙ අය ගොඩක් උදව් කලා"

ආර්ට් ගැලරි එකේ එකිසිබිෂන් එක විතරක් නෙවෙ අද තමයි මං මගේ තැනට මුලින්ම ආවෙත්...මෙච්චර දවසක් ෆෝන් එකෙන් දැකපු සමහර දේවල් ඇස් වලින් දකිද්දි මට ලොකු සතුටක් එනවා....ඒත් ඒක නිදහසේ විඳින්න විදියක් නෑ මේ මීඩියා නිසා....

මං මගේ ඔෆිස් රූම් එකට ඇවිත් දාගෙන හිටිය  කෝට් එක ගලවල මේස උඩින් තියල ෆෝන් එක අතට ගත්තා...පුටුවෙන් වාඩි වුනු මං තව දවස් දෙකකින් යන්න ඉන්න මගේ අලුත් ගෙදර ෆොටෝස් බලන්න ගත්තා...කැලේකට මායිම් වුන,අලු පාට ආලේප කරපු සාමාන්‍ය විදියෙ ගෙදරක්.........මං මේ ගෙදර හදන එක ප්ලෑන් කරාට ⁣ශෝන් තාම දැකලත් නෑ ඒ ගැන....එයා දැක්කම බනියි මෙහෙම හුදකලාවෙ තියන ගෙදරක මං තනියම ඉන්න හදන එක ගැන...ඒත් මේ තමයි මගේ නිදහස....මං ඒක විඳිනවා...

මං ගෙදරට ඇවිත් ගෙයි ඉස්සරහ කා එක නවත්තද්දි මට දකින්න ලැබුනෙ ඉස්සර මං දකින්න ප්‍රාර්ථනා කරපු,ඒත් දැන් දකිද්දි හිත රිදවන දර්ශනයක්...

සෙලී ගෙයි ඉස්සරහ ට වෙලා  හිනා වෙවී  ඉන්නවා...එයාගෙ අකීකරු කොන්ඩෙ හුල⁣ඟෙ යන දිහා බැලුවෙ නැ මට බැලුනා.....දැන් එයා ඉස්සරටත් වඩා ලස්සනයි... මං කෝට් එක අතට අරන් කා එකේ දොර වැහුවා...ආයෙ සෙලී දිහා බලද්දි ශෝන් එයාගෙ ලඟ....ඒ දෙන්නා පහු කරන් ඩොලී මං ලඟට දුවන් ආවා....

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now