part 04

174 30 5
                                    


මගේ නිදිමත ඈතටම පාවෙලා ගියා...මං හිනාවක් එක්ක බලන් හිටියා හේසල් එනකන්...
එක අතකින් තඩි මල් එකක් උස්සගෙන,අනිත් අතින් තව පලතුරු බකට් එකකුත් අරන් ඇවිත්...පිස්සු තමයි..

"අනේව් මගේ සූටි බූටියා...තවුසෙ මැලිලා ඇති කියලා මං බය වුනා පනේ..."

හේසල් රඟපාලා කියද්දි මං හිනා වුනා.හයියෙන් හිනා වෙන්න බෑ තාම තුවාල රිදෙනවා..... මගේ විකාරකාරී යාලුවා මල් ටික වාස් එකට දාලා එතනින්ම බකට් එකත් තියලා මං ගාවින් වාඩි වුනා..මේ වගේ පිස්සෙක් මගේ යාලුවා වුන එක ගැන ශෝන් සෑහෙන්න පුදුම වෙලා ඉන්නෙ.....ඒත් හේස්ට  තරම් මාව ඉවසන්න කාටවත් බැහ්....

හේස් එයාගෙ කෝට් එකයි ස්කාෆ් එකයි  ගලවනකන්ම මට හේස්ව පෙනුනෙ රෙදි පොට්ටනියක් වගේ...එලියෙ සීතල ට එයාගෙ සුදු හම රෝස පාට වෙලා...

"කොහොමද දැන ගත්තෙ ..?"

"මං ශෝන් ට කතා කලා තමුසෙගෙ ෆෝන් එක කොහෙ මකබෑවිලා ද අහන්න..එතකොට තමයි කිව්වෙ..."

"හ්ම් ,ඒක නෙවෙ හේස් මෙහෙ මොකො කරන්නෙ...?මාස දෙකකින් තමුසෙ ව දැක්කෙත්.."

"මාත් මෙහෙ ඩොක්ට කෙනෙක් කෙල්ලෙ..මානසික වෛද්‍ය හේසල් ස්ටැබර්බූත්...කොහොමද නෙහ්...තවුසෙගෙ යාලුවා දැන් ⁣ඩොකෙක්.."

"ඔය නම එහෙම ලෙඩ්ඩුන්ට කියනවා නෙවෙ, ඒ මිනිස්සුන්ට තියන මානසිකත්වෙත් අවුල් යයි..."

"මගේ නම ගැන තියන පැහැදිලි ඊරිසියාව..ඇත්ත කියන්න රූස් ලැජ්ජ වෙන්නෙපා..."

හේස් ඔලුව වන වන අමුතු තාලෙකට මගෙන් අහනවා දැක්කම,මං හිනාව කාගෙන කතා කරා...

"අනික මුලින්ම තමුසෙ ට බෙහෙත් කරගෙන ඉන්නවා, පිස්සු තියන් බෙහෙත් කරලා ලෙඩ්ඩු මරන්නැතුව..."

"හරි මට පිස්සු,තවුසෙගෙ තුවාලෙ නිසා අදට බේරුනා කියල හිතා ගන්නවා...ඉරිසියාකාර එළදෙන..."

හේස් ව අවුස්සන එක තමයි මං කැමතිම වැඩේ...එයා රතු වෙලා මූන දෙකක් කරන් මට කෑ ගහන්නෙ...කැනඩා ඉද්දි නම් එපා වෙනකන්ම මට කියලා කිචන් එකේ වැඩ ටික කරව ගනී මං එයාව තරහ ගැස්සුවම...

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now