මං ආයෙ කොලේජ් ගියෙ හිතේ තිබ්බ ලොකු නොසන්සුන්තාවයක් එක්ක...හැම ලමයෙක්ම මං දිහා අමුතු විදියට බලද්දි මට හරි අපහසුතාවයක් දැනුනා...දවස ගෙවා ගත්තෙ පුදුම අමාරුවකින්...කවුරුත් මට මුකුත් නොකිය හිටියට මං නැති තැන කියන දේවල් කොහොම ඇතිද කියලා මට හිතුනා...
කොලේජ් ඉවර වෙලා මං ගෙදර එන්න ආවා...හේස් වෙනදට කියව කියව ආවත් අද එයත් සයිලන්ට්....ටික දුරක් එද්දි ඉස්සරහෙන් ඇවිත් නැවැත්තුවෙ කා එකක්...මං හිතුවා වගේම ඒකෙන් එලියට බැස්සෙ බ්‍රීස්...හේස් ඇස් රෝල් කරා...
"හායි බේබි... මං එක්ක යමුද...මං ඔයාව ගෙදර ලඟින් ඩ්‍රොප් කරන්නම්..."
බ්‍රීස් මං ලඟටම ඇවිත් මූන ට එබෙන ගමන් කියවන් ගියා...මේ පොඩි මූන ත ල ලා දාන්න ඇත්නම්....ඒත් තලන්න තරම් ඒක ලස්සන වැඩි...
"නෝ තෑන්ක්ස් මිස් වෙන්ඩන්...මට පාඩුවේ ඉන්න දීලා ඔයා යනවා නම් තමයි වැඩිය හොඳ"
මං ඇස් වලින් ඉස්සරහ පෙන්නලා කිව්වා..
"ඔයාව දාලා යන්න හිතෙන් නෑනෙ..යමුකො මං එක්ක...ප්ලීස්..."
මගෙ අතකිනුත් ඇද ඇද මේකි පුදුම වදයක්නෙ දෙන්නෙ..මං හිමිහිට ඒකිගෙ මූන ලඟටම ලං වුනා ඒකි ඒ චුට්ටට ඇසුත් ලොකු කරන්..
"මාව යකෙක් කර ගන් නැතුව මෙතනින් පලයන්...ඔය මූන මට ආයෙ පෙන්නන්නෙපා බ්‍රීස්...මේ අන්තිම හොඳින් කියන්නෙ...පලයන්
.."මං දත් මිටි කන ගමන් ඒකිට කියලා හේස්වත් ඇදන් ආවා....එන්න හැරෙද්දි මං දැක්කා ඒ මූන තරහෙන් රතු වෙන හැටි....හොඳ වැඩේ...
"බලන් ඉන්නවා මං තමුසෙට හොඳ වැඩක් කරනවා මගේ වුන් නැත්තන්..."
මං පිටිපස්ස නොහැරී අත වනලා ආවා...එයා මට මොනා කරන්නද...තාම පොඩි එකෙක් වගේ...
ගෙදර එද්දි මගෙ ඩොලී පැටියා දුවන් ආවා...උව්ව් කියුට්....හවස් වරුවෙ තිබ්බ කම්මැලිකම නිසා මං ශෝන්ට කෝල් කරා...
"ආ මොකෝ මේ පැත්ත මතක් වෙලා..."
"ශෝන් මගෙ ආට් ගැලරියෙ වැඩේ කොහොමද...."
"අපි මුලින් ත මුසෙගෙ පේන්ටින්ග් එක්සිබිශන් එකක් තියමු මොකද කියන්නෙ..."
YOU ARE READING
🍁Still Alone 🍁[Completed]✓✓
Non-Fiction🍁story of her life line...🍁 . . . . . . . . . _මෙහි එන නම් ගම් ස්ථාන සියල්ල මනංකල්පිත වන අතර මෙය හුදෙක් මා විසින් කරන ලද නිර්මාණයක් පමනක්ම වන බව කරුණාවෙන් සලකන්න_ 🚫කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වළකින්න🚫