part 26

113 20 3
                                    


අදට සති දෙකක් මගේ ඒන්ජල්ව දකින්න නැතුව...අඩුම එයාට කතා කරන්නවත් නැ...එයාගෙ කන්ටැක්ට් එකක්වත් පාවිච්චි කරන් නැ එයා.....මීඩියා වලින් අහන අහන හැම වතාවෙම මං අපි යාලුවො විතරයි කියලා කිව්වා,ඒන්ජල් වෙනුවෙන්....ඒත් මං දන්නවා මං දිහා බලන ඕනම කෙනෙක් ඒක බොරුවක් බව තේරුම් ගනියි..මේ සති දෙක තනිකරම කල්පයක් වගේ...ඒන්ජල්ගෙ මැනේජර් මට පැහැදිලිවම කිව්වා ඒන්ජල්ව මුන නොගැහි ඉන්න කියලා...ඉලව් කන්ට්‍රැක්ට් එකක් නිසා එයාට ආදරේ කරන්නත් තහනම් වෙලා...මට කිසිම වැඩක් හරියට කරගන්න බැ....මගේ අතින් පලවෙනි වතාවට මීටින් එකකදි අවධානය තියා ගන්න බැරි වුනා....ගැලරියට නොයාම ඉන්නත් සිද්ධ වුනා මගේ අත්වැරදීම් වැඩි නිසා....

අද මගේ බර්ත් ඩේ එක...ඒන්ජල් කතා කරාවිද කියලා උදේ ඉඳලම හිත ගැහෙන්න අරන්...
______________________________________________

"රූ හවස තුනට ඇවිත් මාව ගන්න අනිවාරෙන්ම.."

ඒන්ජල්ගෙ මං බලන් හිටපු කෝල් එක එච්චරයි....කමක් නැ එයා මුන ගැහෙයිනෙ...මගෙ පපුව ගැහෙන වේගෙ මටම හිතා ගන්න බෑ...අත් දෙකත් සීතල වෙලා.බයික් එකේ නැතුව කා එකේ මං එයාව ගන්න ගියා....

මං ගිහින් කා එක නැවැත්තුව ගමන් ඒන්ජල් ඇවිත් නැග්ගා...ස්කාෆ් එකකින් මූනත් වහන්...මං එයාගෙ අතක මගේ අත පටලා ගත්තම එයා තදට මගේ අත අල්ල ගත්තා....අපි ගිහින් කා එක නැවැත්තුවෙ ඩැඩ්ගෙ රෙස්ටොරන්ට් එක ඉස්සරහ...මං ⁣ඒන්ජල් එක්කම ඇතුලට ගිහින් ඩැඩ්ගෙන් අහලා,මැනේජර්ටත් කියලා රූෆ් ටොෆ් එකට ආවා...එතන ප්‍රයිවට් ඒරියා එකක් නිසා කවුරුත් එන්නෙ නැ...ඒන්ජල් ස්කාෆ් එක ගලවලා මගේ ලඟට ආවා....ඇවිත් මගේ උරහිස් වටේ අත් දෙක යවලා ඇඟිලි තුඩු වලින් ඉස්සුනා...මං චුට්ටක් ඔලුව නැවුවම එයා මගේ නළලින් හාදුවක් තිව්වා...

"හැපි බර්ත් ඩේ මගේ රූ...ගොඩක් කාලයක් සතුටින් ඉන්න ලැබෙන්න ඕන මගෙ බබාට.."

මං එයාව අතකින් අල්ලන් එතන කොනක තිබුන බැම්ම උඩින් වාඩි වුනා...ලා හිනාවක් එක්ක මගේ කම්මුලකට අත තිව්ව ඒන්ජල් එයාගෙ කරේ තිබ්බ හීනි මාලෙ ගලවල මගේ කරට දැම්මා...ඒකට අලුතෙන් එකතු වෙලා තිබ්බෙ ලොකට් පෙන්ඩන්ට් එකක්...

🍁Still Alone 🍁[Completed]✓✓Where stories live. Discover now