Chapter 3

364 55 13
                                    

At Kim Mansion ,

ට්‍රීං..ට්‍රීං..

තාමත් හරියට එළිය වැටිලවත් නෑ. ජේ හෝප්ගෙ තද නින්දට බාධාවක් වෙමින් සද්ද කලේ ජේ හෝප්ගෙ ෆෝන් එක. ඇහෙන්නෙ නෑ වගේ ඉන්න හැදුවත් දිගින් දිගටම රින්ග්ස් යන ෆෝන් එක කරදරයක් නිසා ජේ හෝප් නිදි මතේම ඇඳේ එහා මෙහා අත යවා ෆෝන් එක සොයා ගෙන ස්ක්‍රීන් එක දිහා බාගෙට ඇස් ඇරගෙන බැලුවෙ උදේම කෝල් කරන්න කවුද බලන්න. අඳුරන අංකයක් නෙමේ ජේ හෝප් ඇඳ උඩ ඉන්දුනේ ඊතලයක් වගේ. මොකද ජේ හෝප්ගෙ මේ ෆෝන් එකේ නම්බර් එක කා ගාවවත් නැති නිසා.

"හෙලෝ... "

ජේ හෝප් ඇමතුමට සම්බන්ධ උනේ කල්පනාකාරීවයි. විනාඩි ගණනාවක නිශ්ශබ්දතාවයකට පසුව අනිත් පසින් ඇහුනේ ගැඹුරු හඬක්.

" කිම් ජන්ග් හෝසොක්. අහ් නෑ වැරදුනා ජේ හෝප්. ඉතින් අපිත් එක්ක හැප්පෙන්න හදල මහන්සිත් ඇතිනේ. මහ ලොකු සහෝදරයටයි තමුන්ටයි වටින තෑග්ගක් එවල තියෙනවා. උදේ පාන්දර වෙන කවුරුත් දකින්න කලින් දොර ඇරල බැලුවොත් හොඳයි."

කෝල් එක ගත්ත කෙනා කියාගෙන ගියේ ජේ හෝප්ට වචනයක්වත් කියන්න නොදී . කේන්තියෙන් දත් මිටි කන්න වුන ජේ හෝපෙගෙ ඇස් රතු පාටින් දිලිසෙන්න වුනා. මොකද මේ වගේ කෝල් කරල තමන්ට තර්ජනය කරන්න කෙනෙක් මේ තරම් කාලෙකට හම්බ වෙලා නෑ.

"ජේකේ ."

ජේ හෝප්ගෙ කටහඬ වෙව්ලන්න උනේ කේන්තිය නිසාවෙනි. මේ වන විට ආර්එම් හා තමාට ඇති එකම බාධකය ජේකේ විතරයි. මාෆියාවට සෘජුවම සම්බන්ධ උනේ ආර්එම් උනත් ආර්එම් ගෙ විශ්වාසවන්තයා උනේ ජේ හෝප්. කිසිම වැරැද්දක් නොවෙන්න හැමදේම පාලනය කරන්න පහසු උනේ ආර්එම් ට ජේ හෝප් නිසා. තමන්ගෙ බිස්නස් මේ තරම් දියුණු උනේ බ්ලැක් මනී නිසා කියන දේ ආර්එම් රහසේ පිලිගන්න ඇත්තක්.

" හෝව් හෝව් මිස්ටර්. ඔච්චර හදිසිද ජේකේව හම්බෙන්න. බය වෙන්න එපා ළඟදිම එයා එයි. උබල තවත් අපේ දේවල් හාරවුස්සන්න හැදුවොත් අද එවල තියෙන තෑග්ගට වැඩිය දේවල් භාරගන්න වෙයි"

නාඳුනන ඇමතුම විසන්ධි උනේ ජේ හෝප්ට වචනයක්වත් කියන්න ඉඩක් නොතබයි. කතා කලේ කවුරු උනත් ඒ ජේකේගෙ මිනිහෙක් කියන්න ජේ හෝප්ට හොඳටම විශ්වාසයි. ජේකේ නිසා සිද්ධ වුන පාඩු කෝටි ගණන්. ගොඩක් වටින ඩ්‍රග් ඩීල්ස් නූලෙන් අහිමි උනේම ජේකේ නිසා.

Let Me Love You 🤟💜️Where stories live. Discover now