Chapter 36

262 38 8
                                    

"ගුඩ් මෝර්නින් හොබී හ්‍යුන්" 

උදේ පාන්දරම ජියෝන් මැන්ශන් එකේ විශාල කෑම මේසෙට වෙලා චොක්ලට් මිල්ක් ශේක් එකක රස බල බල හිටපු හෝසොක්ට ජිමින් එයාගෙ ඒන්ජල් හිනාව දාලා ග්‍රීටින්ග් කලා.

"මෝර්නින් මෝර්නින් ජිමිනාහ්."

හෝසොක් එයාගෙ බ්‍රයිට් සන්ශයින් හිනාව දාලා ජිමින්ට කිව්වා.

"කෝ සුගා තාම නිදිද?"

"කතා කරන්න එපා හොබි හ්‍යුන් ඔය කම්මැලි පූසා ගැන නම්. ඔෆිස් එකට යන්න නැත්තන් අර නසරාණි හාවගෙ මොකක් හරි කුප්ප වැඩකට යන්න නැත්තන් කන්න බොන්න දෙන්නත් නැගිට්ට ගන්නෝනෙ අපේ කටේ බලේට."

ජිමින් මූණත් රතු කරගෙන තරහෙන් බැනගෙන බැනගෙන ගිය විදියට හෝසොක් කරබාගෙන ශේප් එකේ නැගිටලා සාලෙ දිහාවට ගියේ තාමත් ජිමින් ලාවට බනින සද්දෙ ඇහෙද්දියි.

"හොබී අපි බ්‍රෙක්වස්ට් එක ගමු."

ඒත් එක්කම හෝසොක් ඉන්න තැනට ආපු ජින් කිව්වා.

"ඒත් හ්‍යුන් තාම ජන්ග්කුක් , ටේ, සුගා ආවෙ නෑනෙ පහලට කමක් නැද්ද එහෙම?"

හෝසොක් ඇහුවෙ ගෙදර අනිත් අය නැතුව උදේ කෑම ගන්න එක ගැන ටිකක් දෙගිඩියාවෙන්.

" එයාලා එනකන් හිටියොත් අද නම් කන්න වෙන්නෙ නෑ මං දන්නෙ නැද්ද ඔය කට්ටියගෙ හැටි."

ජින් හිනා වෙවීම හෝසොක්ගෙ අතින් ඇදගෙන ගිහින් කෑම මේසෙන් වාඩි කෙරෙව්වා. ජිමිනුත් කෑම මේසෙන් ඉඳගෙන හිටපු නිසා ජින් දෙන්නගෙම ප්ලේට් වලට කෑම බෙදලා දීලා එයත් වාඩි වෙලා කන්න ගත්තා.

මේ අතර වෙනදට වඩා සනීප නින්දක් ලැබුනු ජන්ග්කුක් ට නම් ඇහැරෙන්න හිතක්වත් තිබ්බෙ නෑ. ඒත් ඉතින් තමන් වැඩියෙන්ම හොයන මේ ලෝකෙන් වැඩියෙන්ම ආදරේ කරන කෙනා තුරුලට වෙලා ඉන්නකොට මොන හිතකින් ඇස් දෙක පියාගෙන ඉන්නද. ජන්ග්කුක් කර්ටන් අතරින් වැටෙන ඉර එළියට ඇස් හුරු කර ගන්න ගමන් හෙමීට ඇස් ඇරියා.  ඊට පස්සෙ එයා බැලුවෙ එයාගෙ අත් අතරට වෙලා පපුවට තුරුල් වෙලා සැප නින්දක ඉන්න එයාගෙ සුර දූතයා දිහා. හීනි තොල් නින්දෙන්ම උල් වෙලා. උදේ පාන්දර හීතලට කම්මුල් රතු වෙලා චෙරි පාට වෙලා,  කලු පාට කොණ්ඩ කැරලි ඇස් වලටත් එක්ක වැටිලා. ජන්ග්කුක් එයාගෙ අතෙන් ටේහියුන්ග් ට නොතේරෙන්න ඒ ඇස් වලටයි නළලටයි වැටිලා තිබ්බ කෙස් කැරලි පැත්තකට හැදුවා.

You've reached the end of published parts.

⏰ Last updated: Aug 03, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Let Me Love You 🤟💜️Where stories live. Discover now