Chapter 9

319 55 0
                                    

ජේකේ සුගා සමඟ දවල් මැන්ශන් එකෙන් පිටවී ආවේ තම බ්ලැක් හවුස් එක වෙතයි. මාෆියා වැඩ සඳහා හොදා ගන්නා ස්ථානය ජේකේ හැඳින්වූයේ ඒ නමිනි. 

"සීඩ් වැඩේ හරිද?"

සුගා සමඟ ඇතුලට පිවිසි ජේකේ දොර අසල සිටි සීඩ්ගෙන් අසාගෙන ම ඉදිරියට  ගියා.

"ඔව් බොස්. උන් ඉන්නේ යේසාන් වල. ටවුන් එකෙන් ඇතුලට වෙන්න අපාර්ට්මන්ට් එහෙක උන් ඉන්නෙ."

"ම්ම්..යේසාන්. සෝල් වලින් ටිකක් ඇතුලට වෙන්න. වැඩිය කාගෙවත් අවධානයක් වැටෙන්නෙ නැති පැත්තක්."

මැප් එක මඟින් පිරික්සූ සුගා තමාටම පවසා ගත්තේය.

"ඇල්ෆලා ලෑස්තිද?

"ඔව් සුගා බොස්. ඇල්ෆා ටීම් එකේ ලීඩර් ටීම් එකක් එක්ක ලෑස්ති වෙලා ඉන්නෙ."

"එහෙනම් යමු. මගෙන් මැසේජ් එකක් එනකම් හැමෝම ස්ටෙප් එකක් තියන්න එපා. යමු"

ජේකේ සුගා, සීඩ් සහ ඇල්ෆා ටීම් එක සමඟ මේ පිටත් වුනේ ලියෝ සමඟ ඇති ගනුදෙනුව ඉවරයක් කර දැමීමටයි.ජේකේ සමඟ ඩීල් එක සිදු කිරීමට සූදානම් වී සිටියත් අන්තිම මොහොතේ ආර්එම් මැදිහත් වී ඩීල් එක තමා සමඟ සිදු කිරීමට ලියෝව කැමති කරගත්තේ ජේකේ යොදවන මුදලටත් වඩා වැඩි මුදලක් ලබා දෙන බව පවසමිනි. අවශ්‍ය නම් ජේකේට ඊටත් වඩා ගෙවීමට හැකියාව තිබුණත් තමා රැවටූ නිසා ලියෝගෙන් පලි ගැනීමට ජේකේ තීරණය කර තිබුනි.

"මේක වට කර කර නිකම් උන් එක්ක සෙල්ලම් කරන්න ඕන නෑ හ්‍යුන්. එක පාරින් උන්ව ඉවරයක් කරමු.යමු."

ලියෝ සහ ඔහුගේ සගයන් රැඳී සිටි අපාර්ට්මන්ට් එක තුලට පලමුව ඇතුලු වූයේ ඇල්ෆා ටීම් එකයි. තුවක්කු අතතැතිව එකවර කඩා වැදුනු පිරිස දුටු ලියෝ ඇතුලු සහචරයින් කලබල වුවත් ඒත් ක්ශනිකව සටනට පිවිසියේ තම ආරක්ශාව ගැන සිතමිනි.

"උබ ඔච්චර ආසද මැරෙන්න?"

සටන අතරතුර ඇතුලට පැමිණි සුගා ලියෝගෙන් ඇසුවේ මුහුණට වැරෙන් පහරක් ගැසීමෙන්. කෙලින්ම නහයට එල්ලවූ පා පහරින් නාස් පොල්ල කැඩී ලේ ගැලීමට පටන් ගත්තේය.  ඇල්ෆා ටීම් එකේ ප්‍රහාර හමුවේ ලියෝගෙ මිනිසුන් එකා දෙන්නා මැරී වැටුනේ කිසිවෙකුත් ඉතුරු නොවෙමිනි.

"ලියෝ.. මගෙ පරණ යාලුවා "

"ජේකේ..උබ.. "

"ආහ්... චින්චා.. උබ මාත් එක්ක හැප්පෙන්න කලින් හිතන්න තිබ්බා. උබට පොරොන්දු උන ගාන මදි නම් ඒකත් කියන්න තිබ්බා. ඒත් උබ මොකටද ඒක තව එකෙක් එක්ක කරන්න ගියෙ."

නලලට වැටී තිබූ කෙස් රොද අතින් පිටුපසට කරන ගමන් සීඩ් ජන්ග්කුක් වෙත ලබා දුන් කලු පැහැති සූට් කේස් දෙක ලියෝ ඉදිරියෙන් තබා එය විවර කලේය. බෑග් දෙකම පිරෙන්න තිබුනේ සල්ලි. එය දුටුවනම ලියෝගෙ දෑස් කෑදරකමින් දිදුලන්නට විය.

"මෙතන උබට ආර්එම් පොරොන්දු උනාටත් වැඩිය දෙගුණයක් සල්ලි තියෙනවා. ඩීල් එක දැන් කරමු. ඩ්‍රග්ස් ටික අරන් වරෙන්."

ජේකේ කියනවත් සමඟ ලියෝ තමා අසල සිටි මිනිහෙකුට හිසින් සන් කලේ ඒවා රැගෙන එන ලෙසයි.  රැගෙන ආ ඩ්‍රග්ස් ජේකේ අත තබනවාත් සමඟම ඒවා ගෙන ආ මිනිසාගෙ හිස කුඩු වෙන්න වෙඩිල්ලක් ආවෙ සුගා මෙතෙක් වෙලා සඟවාගෙන සිටි තුවක්කුවෙනි. ඔහු මැරූ වැටෙනවාත් සමඟ  සල්ලි ගැනීමට දිග කෙරූ ලියෝගෙ අත ස්ටූලයට තබා තද කර ජේකේ තම අත වූ කිනිස්සෙන් ලියෝගෙ අත පසාරු කර යන සේ ඇන දැමීය. වේදනාවෙන් මොර දුන් ලියෝගෙ හිස කෙස් වලින් ඇද පිටුපසට කල ඔහුගේ මූණ වෙත එබී බැලූ ජේකේ කාරා කෙල පිඩක් මූණට දමා ගැසුවේ නරක් වූ මස් කෑල්ලකට වගේය.

"උබ ජරාවක්. මම කැමති නෑ වචන වෙනස් කරන ජරා ගොඩවල් වලට."

එපමණක් කියූ ජේකේ සුගා අත තිබූ තුවක්කුව උදුරගෙන ලියෝගෙ කට තුලට තබා වෙඩි තිබ්බෙ සිතන්නටවත් වෙලාවක් නොතියා. සල්ලි හා ඩ්‍රග්ස් ලබා ගත් ජේකේ ඇතුලු පිරිස එතනින් පිටවූයේ ලියෝ ඇතුලු පිරිසගේ සිරුරු එතනින් ඉවත් කර කිසිම සාක්ශියක් ඉතුරු නොකරමිනි. සියල්ල අවසන් කර ජේකේ හා සුගා නිවසට එන විට මධ්‍යම රාත්‍රියත් පසු වී තිබුණි. එහෙත් ටේහියුන්ග් නින්දත් නොනින්දත් අතර සිටියේ දවාලෙ තමා ඇසූ අමිහිරි දේවල් තාමත් සිත තුල හොල්මන් කරන නිසාවෙනි.

Let Me Love You 🤟💜️Där berättelser lever. Upptäck nu