Chapter 6

345 58 7
                                    

"ටේව කිඩ්නැප් කරල."

නම්ජූන්ගෙ හඬින් ජේ හෝප් තිගැස්සුනි.

" මොකක්ද?"

ජේ හෝප් ආර්එම් වෙත ළං වෙමින් ඇසුවේ බිය වූ අයුරෙනි.

"ටේ ගියෙ මගෙ කාර් එකේ. අනිවාරෙන් මේක කරන්න ඇත්තෙ ජේකේ. ඒත් මහ ලොකු මාෆියා ලීඩර්ට ඒ වගේ දෙයක් වැරදුනේ කොහොමද?"

නම්ජූන්ගේ දෑස් කේන්තියෙන් දිලිසෙයි. ටේට අනතුරක් වී ඇත්දැයි නම්ජූන්ගේ සිත වෙව්ලුම්කයි. ඒ පවුලෙ බාලයයි. කිසිම දේකට සම්බන්ධ නැති අහිංසකයෙක් මේ පැටලී ඇති මර උගුලකටයි. ඒත් ඊටත් වඩා ටේහියුන්ග් දැන් සියල්ලම දැන ගනීවි. එතනින් පසු ටේහියුන්ග් ගේ හැසිරීම කෙසේ විය හැකිද???

"ජේකේ... ටේට මොනවම හරි කරදරයක් වෙලා තිබුණොත් මම ඌව මරාගෙන මැරෙනවා ජුනා."

සහෝදරයා හමුවේ ජේ හෝප් වියරු වැටී ඇත. ටේහියුන්ග් ගේ අහිංසක මුහුණ ජේ හෝප්ට මතක් වේ. ලස්සනට හිනා වෙන, හුරතල් වෙන, කොච්චර ලොකු වුනත් හ්‍යුන්ල ළඟ දඟ වැඩ කරන ටේහියුන්ග් කෝම මේ ඇත්ත දරා ගනීද ?

"ඒත් අපි දන්නෙ නෑ ජුනා හරියටම මේක කලේ ජේකේද කියල."

ජේ හෝප් නැවතත් නොසන්සුන් ලෙස පවසන්නට විය.

"බොස්, මේ බලන්න.."

හදිසියෙම ජේ හෝප් හා ආර්එම් රැඳී සිටි ස්ථානයට කලබලයෙන් පැමිණි බෝගම් විසින් අත රැඳි දුරකථනය නම්ජූන් වෙත ලබා දුන්නේය. ලේ පෙරාගෙන බිම වැටී සිටින ටේහියුන්ග් ගේ හිස කෙස් වලින් කිසිවෙකු ඉහලට උස්සන් සිටින ෆොටෝ එකක් එහි තිබුණි. ටේහියුන්ග් සිටියේ සිහිසුන්ව වග ඒ දෙස බැලූ  නම්ජූන්ට හා ජේ හෝප්ට වැටහුණි.

"ජ්..ජු නා මේ ටේ.. උන් ටේට ගහල ජුනා. අනේ ටේට මේ වගේ දේවල් දරාගන්න බෑ ජුනා."

ජේ හෝප් තම හිසකෙස් වලින් ඇද ගනිමින් කෑ ගසන්නට විය. ඒත් සමඟම නම්ජූන් අත රැඳි දුරකතනයේ ෆොටෝ එක ඩිලීට් වන්නට විය.

"ඕහ් ශිට් මොන මඟුලක්ද උඹල කරන්නෙ? උන් අපේ ඩිවයිස් හැක් කරල . ඉක්මනට බලනවා ගිහින් සිකියුරිටි සිස්ටම් එකට උන් ඇටෑක් කරලද කියලා"

Let Me Love You 🤟💜️Where stories live. Discover now