Chapter 17

315 55 17
                                    


"ජන්ග්කු නැගිටින්න, හොඳටම දවල් වෙලා."

ජින් ජන්ග්කුක් ගෙ දොරට ගගහ කෑ ගහනවා. ජන්ග්කුක් ට ජින් කෑ ගහනවා ඇහුනත් තවත් ශීට් එකට ගුලි උනේ නැගිටින්න කම්මැලි නිසා.

"යා ජන්ග්කුක් නැගිටිනවා, අද වැඩ ගොඩක් තියෙනවා. ආයෙ කියන්න තියන්න එපා මට"

"ආශ් මොන රෙද්දක්ද..."

කේන්තියෙන් පොරවන් හිටිය රෙද්ද විසික් කෙරූ ජන්ග්කුක් ඇඳ මතින් ඉඳ ගත්තා. ඒත් එක්කම මතක් උනා ටේව. අද නම් කොහොම හරි බලෙන් හරි හම්බෙන්න ඕනෙ එහෙම හිතුව ජන්ග්කුක් වොශ් එකක් දාගෙන ඉක්මනින් කාමරෙන් එළියට ආවෙ ටේහියුන්ග්ගෙ අපාර්ට්මන්ට් එකට යන්න.

"කොහෙද මහත්තයා යන්න හදන්නෙ?"

ආයෙත් ජින්. ජේකේ වේගෙන් පඩිපෙළ බැහැගෙන එන දිහා ජින්, සුගා, ජිමින් එක්ක කෑම මේසෙට වෙලා ඉඳගෙන බලාගෙන හිටියා.

"මම යන තැන කාටවත් කිය කිය යන පුරුදු නෑ හ්‍යුන්"

ජින්ගෙ හඬ නිසා යමින් සිටි ගමන නැවැත් වූ ජේකේ හිමින් උනත් තද ස්වරයකින් කිව්වා. ඒත් ජින් කියන්නෙ කවදාවත් ජන්ග්කුක්ගෙ සද්දෙට බය උන කෙනෙක් නෙමේ.

"මෙතනින් ඉඳ ගන්නවා"

"ආශ්.."

කේන්තියෙන් කෑ ගැසූ ජන්ග්කුක් ඉන් ඉදිරියෙන් ඇති පුටුවෙන් ඉඳගත්තා.

"ජන්කුකා.. අද කොහෙවත් යන්න දාගන්න එපා වැඩ ගොඩක් තියෙනවා"

ඒ සුගා.

"මොනාද ඔච්චර ? පාන්දර කට්ටියටම ඊගාවට කරන්න ඕනෙ මොනාද කියලා කිව්වා. උන් බබ්බුද නලවන්න . ඇඟිල්ලෙන් ඇන ඇන හැමදේම කියලා කරවගන්න. ඇයි අර සීඩ් ඉන්නවා නේද? ඕකට හරියට වැඩ ටික බලාගන්න බැයිද? කනවා කොයි වෙලාවෙ හරි මගෙන්..."

ජේකේ අත මිට මොලවලා මේසෙට පාරක් ගැහුවා.

"මේ ඒ ගැන නෙමේ ජන්ග්කුක්. ඒ වැඩ ගැන සුගා ඉන්නවා බලාගනියි. බිස්නස් ගැනත් අවධානෙ දෙන්න. ඔච්චර මහන්සි වෙන්නෙත් බිස්නස් නිසා නේද? ඔෆිස් පැත්ත පලාතෙ ගිහින් නෑ. වැදගත් මීටින්ග්ස් කැන්සල් වෙලා, මේ දවස් ටිකේම මෙච්චර වැඩ මැද්දෙ මායි ජිමිනුයි හැමදාම කම්පැණීස් වලට ගිහින් බැලුවා. අඩුම ගානෙ ඉඳල හිටලා කම්පැණියටයි අනිත් බ්‍රාන්ච් වලටයි යන්න."

Let Me Love You 🤟💜️Where stories live. Discover now