Chapter 11

352 57 9
                                    

රෑ පුරාම වාගේ අවදියෙන් සිටි ටේහියුන්ග් ට ඇහැරුනේ මඳක් දවල් වූ පසුවය. තවමත් තමාගෙ ඇඟ උඩින් බරට දෙයක් දැනුන නිසා ටේහියුන්ග් දුටුවෙ ඇඳ පාමුල නිදා සිටින ජන්ග්කුක් ව. ජන්ග්කුක් ගෙ එක අතක් ටේහියුන්ග් ගේ පපුව හරහා වැටී තිබුන අතර අනිත් අත ටේහියුන්ග් ගේ හිස කෙස් අතර දැවටී තිබුනි. මඳක් ඉස්සී බැලූ ටේහියුන්ග් ගේ දෑස් පුදුමයෙන් පිරී ගියේ ජන්ග්කුක් ගේ මුහුණ පළමු වරට දැකීමෙනි. රැයේ කාමරයට ආ ජන්ග්කුක් හට ඔහුගෙ මුහුණට දමන මාස්ක් එක මිනි බාර් එක තුල අමතකව පැමිණ තිබුණි.

'දෙවියනේ..කොච්චර හැන්ඩ්සම් මූණක්ද? නිදාගෙන ඉන්නකොට අහිංසක හාවෙක් වගේ. ඊයෙ අර වගේ මට ගැහුවෙ මෙයාද කියලත් සැකයි. ඇයි ජේකේ ඔයා ඔහොම හැසිරෙන්නෙ. මිනිස්සු මරන්න එපා ජේකේ. නරක වැඩ කරන්න එපා. ලස්සනට ජීවත් වෙන්න පුළුවන් කම තියාගෙන ඔයා මේ කරන වැඩ වල තේරුම මොකක්ද ජන්ග්කුක් ?' ටේහියුන්ග් එසේ සිතුවා පමණි. ටේහියුන්ග් ජන්ග්කුක්ගෙ මුහුණ දෙස බොහෝ වේලා බලා සිටි අතර දෑස් වලින් ගලා තිබූ වියලී ගිය කඳුලු වල සලකුණු ටේහියුන්ග් ට දැකගන්න පුළුවන් උනා. ටේහියුන්ග් ගේ කල්පනාව බිඳ වැටුනේ ජන්ග්කුක් ඈනුමක් අරින ශබ්දයෙනි. නැවතත් නිදි මෙන් සිටින්නට වූ ටේහියුන්ග් ගේ හදවත ඇතුලින් මහා ශබ්දයෙන් ගැහෙන්න පටන් ගත්තේය.

"මගෙ මැණික..."

නින්දෙන් අවදි වූ ජන්ග්කුක් දුටුවේ තවමත් නිදා සිටින ටේහියුන්ග් ගේ මුහුණයි. හිඳ සිටි තැනින් නැගී සිටි ජන්ග්කුක් ටේහියුන්ග් ට නොදැනෙන්න ටේහියුන්ග් ගේ නළල මත ඔහුගේ තොල් තබා හාදුවක් තැබුවේ තමා අතින් සිදුවූ වරදට දුකෙනි. අනපේක්ෂිත හාදුවෙන් ගැස්සුනු ටේහියුන්ග් ජන්ග්කුක් කාමරයෙන් පිටව යන හඬ අසා සිටියේ අපහසුවෙනි.

'දෙවියනෙ...මොකක්ද ඒ උනේ? ආ.. මං හිතුවෙ මගෙ පපුවෙ සද්දෙ එලියට ඇහෙයි කියල. මේ මස්කල් හාවා කොයි වෙලේ හරි මාව මරන්නෙ බය කරල.' තම පපුවට අත තබා ගත් ටේහියුන්ග් බරැති හුස්මක් පිට කලේය.

එදායින් පසු දින ගණනාවක් යන තුරුම ජන්ග්කුක් ටේහියුන්ග් ව මුණ නොගැසී සිටීමට වග බලාගත්තේය. ටේහියුන්ග් ජන්ග්කුක් ගේ පැමිණීම බලාපොරොත්තු වුවත් ජන්ග්කුක් ටේහියුන්ග් කෙරෙන් ඈත් වෙන්න තීරණය කර තිබුණි. තමා වෙත ළං වුනහොත් ටේහියුන්ග් ට විඳවීමට සිදු වේයැයි ජන්ග්කුක් සිතීය. එහෙත් සෑම රෑකම ටේහියුන්ග් නිදා ගත් පසු ජන්ග්කුක් ටේහියුන්ග් බැලීමට කාමරය වෙත ගිය අතර ටේහියුන්ග් ගේ නළල උණුසුම් හාදුවකින් පුරවන්නත් අමතක කලේ නෑ. මේ සෑම දිනකම ටේහියුන්ග් නිදි යැයි ජන්ග්කුක් සිතුවත් ටේහියුන්ග් සිටියේ අවදියෙනි.

Let Me Love You 🤟💜️Where stories live. Discover now