Chapter 7

331 58 4
                                    

ජන්ග්කුක් ට කවදාවත් කෙල්ලෙක් නිසාවත් එයාගෙ හිත හෙල්ලිලා නෑ. හිසේ කෙස් ගානට කෙල්ලන් හොයා ගන්න පුළුවන්කම තිබුණත් ජන්ග්කුක් ට කවදාවත් ඒ වගේ බැඳීමක උවමනාවක් දැනිලා නෑ. බිස්නස්, මාෆියාව, මිනී මැරුම්, වධ දීම්, ලේ ජන්ග්කුක් ට එයාගෙ ජීවිතේට කෑම බීමටත් වඩා ඕන උනේ ඒ දේවල්. ඒත් කවදාවත් හිතුවද මේ තරම් ඉක්මනට කෙනෙක්  ගැන දුකක් එයාට දැනෙයි කියලා. කෙල්ලෙකුත් නෙමේ ඒ කොල්ලෙක් ඊටත් වඩා ජන්ග්කුක් මේ ලෝකෙ වෙන කාගෙන්වත් වඩා පලිගන්න හදන හතුරගෙ මල්ලි. ජන්ග්කුක් වාහනේ එන මඟ දිගට ටේහියුන්ග් ගෙ මූණ දිහා බලාගෙන එක එක දේවල් හිතන්න උනා. ජන්ග්කුක් ට සැකයි එයා මුළු කොරියාවම නම ඇහුවත් බය වෙන ජේකේමද කියල.

================================

"හ්‍යුන්.. මෙයාව බලන්න."

ජන්ග්කුක්ගෙ හඬින් ජියෝන් මැන්ශන් එකේ විශාල කුස්සියේ කතා බහ කරමින් සිටි ජින්,සුගා,ජිමින් තුන්දෙනා ම ඉස්සරහට දුවගෙන ආවා. ජේකේ හරහට කොල්ලෙකුත් වඩාගෙන දුවගෙන පඩිපෙල නගින දිහා තුන්දෙනා බලාගෙන හිටියෙ හරියට මහ දවාලෙ හොල්මනක් දැක්කා වගේ හැඟීමකින්.

"මං දැන් දැක්කෙ නිකන් අපේ ජන්ග්කුක් කාව හරි උස්සන් යනව වගේනෙ."

ජිමින් තම දෑස් පිහ දමමින් නැවතත් ජේකේ ගිය දිහා බලන්න උනා.

"යා... මෝඩ තාරාවා. වගේ නෙමේ උස්සන් ගියා. අර හිර කරගෙන හිටපු කොල්ලා. යවන්න කිව්වම ගෙදරටම ගෙනල්ලද මේ යකා?"

සුගා ද දුටු දෙය අදහා ගත නොහැකි ලෙස විමසීය.

"මොකක් හරි යමු බලන්න."

ජින් ජේකේගෙ කාමරය වෙත අඩියට දෙකට පඩි නගිමින් දුවන්න ගත්තා. ජිමින් හා සුගාත් ඒ පසු පසින් දිව්වේ ජින් අනුගමනය කරමින්. ජින්, සුගා හා ජිමින් ජේකේගෙ කාමරය වෙත ඇතුල් වෙන විට ජේකේ සිටියේ ටේහියුන්ග් ව තමන්ගේ ඇඳ මතින් හාන්සි කරමිනි.

"ජන්ග්කුකා මේ..."

ජින් ඇසුවේ සිදු වන්නේ කුමක්දැයි සිතා ගත නොහැකිවය.

"හ්‍යුන්.. මේ තුවාලෙ බලලා බේත් කරන්න. මුකුත් අහන්න එපා මං පස්සෙ කියන්නම්."

Let Me Love You 🤟💜️Where stories live. Discover now