Chapter 24

335 54 4
                                    


" හ්‍යුන් කියන්න.."

ෆෝන් එකට ආපු කෝල් එක ආන්ස්වර් කරන ගමන් ජිමින් ගියෙ බැල්කනි එකට. ටේහියුන්ග් කිචන් එකේ උයනවා. කෝල් එක සුගාගෙන් කෝල් එක ආපු නම්බර් එක රෙඩ් හවුස් එකේ ෆෝන් එකකින් නිසා ජිමින් බැල්කනි එකට ගියෙ ටේහියුන්ග් ට කතා කරන ඒවා ඇහුනොත් කලබල වෙයි කියල හිතලයි. මොකද මේ නම්බර් එකෙන් කෝල් එකක් එනව නම් අනිවාරෙන් අවුලක් කියලා ජිමින් දන්නවා.

"වට්?? එහෙම කොහොමද වෙන්නෙ.."

".................................."

" මං ටේහියුන්ග් එක්ක ඉන්නෙ ඒත් මම එන්නම් මෙච්චර අවුලක් වෙලා දැන්ද කියන්නෙ? මං ජින් හ්‍යුන්වත් එක්කන් එන්නම්."

"............................."

එහා පැත්තෙන් කියන දේවල් වලට ජිමින් උත්තර දුන්නෙ කලබලෙන්. ටේහියුන්ග් ට ඇහෙන්නෙ නැති වෙන්න බැල්කනි එකට ගියත් අහන්න ලැබුණු දේවල් නිසා පුදුම උන ජිමින්ගෙ කටහඬ ටේහියුන්ග් ට කුස්සියටත් ඇහුනා. මෙච්චර කලබලෙන් කාටද කතා කරන්නෙ බලන්න ටේහියුන්ග් බැල්කනිය ළඟට ආවා. ජිමින්ගෙ මූණ දැක්කම ටේහියුන්ග් ට තේරුනා උදේ ජන්ග්කුක් ට ආවා වගේ කෝල් එකක් ජිමින්ටත් ඇවිත් කියලා.

"ජිමිනා, මොකද අවුල?"

ටේහියුන්ග් ගෙ කටහඬින් ජිමින් ක්ශනිකව ආපස්සට හැරුනා. සුගා කෝල් කරල කියපු දෙයින් පස්සෙ ජිමින්ට ඕන උනේ ඉක්මණට යන්න. මොකද සිද්ධ වෙලා තියෙන්නෙ එසේ මෙසේ දෙයක් නෙමේ. ජන්ග්කුක් ට ගොඩක් තරහ ගිහින් ඇති සුගාට උනත් ජන්ග්කුක් ව ගොඩක් වෙලා කන්ට්‍රෝල් කරගන්න බෑ කියලා ජිමින් දන්නවා. ඉතින් ජින් එක්ක රෙඩ් හවුස් එකට යන්නම වෙනවා. ඒත් ටේහියුන්ග් දාලා යන්නෙ කොහොමද? දැන් යන්න වෙනවා කියන්න ගියොත් ටේහියුන්ග් ට දුක හිතෙනවා කියලත් ජිමින් දන්නවා.

"ටේ.. මේකයි, මේ..."

"මොකද යකෝ තටමන්නෙ? කවුද කෝල් කලේ?"

"සුගා කෝල් කලේ ටේ.. පොඩි ප්‍රශ්නයක් වෙලා. මට ජින් හ්‍යුන් එක්කන් එහෙට යන්න වෙනවා ටේ.. ඒත් කොහොමද ඔයාව දාලා යන්නෙ?"

ජිමින් ට යන්න වෙනවා කියලා අහපු ගමන් ටේහියුන්ග් ට දුක හිතුනා. ඒත් ඉන්න කියලා බල කරන්න බෑනෙ. ඒ නිසා වෙනසක් නොපෙන්වා සිනාසුන ටේහියුන්ග් ජිමින් අසලට ගොස් ජිමින්ගෙ උරහිස් දෙකෙන් අල්ලා ගත්තා.

Let Me Love You 🤟💜️Where stories live. Discover now