chapter 14

336 56 4
                                    


ටේහියුන්ග් ගේ අපාර්ට්මන්ට් එකෙන් පිට වුන ජේකේ එයාගෙ ගාඩ් කෙනෙක් එක්ක වාහනෙන් පිටත් වුනා. කවුරුත් දන්නෙ නෑ අද ජේකේ ආවෙ කොහෙද කියලා. වෙනදට සිකියුරිටි ලා පිරිවරාගෙන  යන ජේකේ අද ඒ කවුරුත් නැතුව ලොකු රිස්ක් එකකුත් අරගෙන මේ ආවෙ ටේහියුන්ග් ව බලන්න තිබ්බ උවමනාවටමයි. සැප පහසු ජීප් එකේ ඉඳගෙන ජනේලෙන් එලිය බලන් යන ජේකේ ගෙ මූණෙ අද වෙනදට වැඩිය සැහැල්ලු පාටක් පෙනුනා. ඒ අතර ජේකේට මතක් වුනේ අද හවස ජිමින්ට ආපු කෝල් එක ගැන හොරෙන් අහන් හිටපු හැටි. කවදාවත් කාගෙවත් දේවල් වලට කන් දීලා පුරුදු නැති උනත් ජිමින් ගෙ කටින් ටේහියුන්ග් ගෙ නම කියවුන නිසා ජේකේ එතනම නතර වුනා ඉබේටම. ජේකේට අනිත් පැත්තෙන් කියන දේවල් ඇහුනෙ නැති උනත් ජිමින් කියන ඒවා පැහැදිලිව ඇහුනා.

Time pass -

'ඔයා දැන් කොහෙද ඉන්නෙ ?'

....................

'Hannam hill දේ මං කොයි වෙලේ හරි ඇවිල්ලා යන්නම්. දැන් තියන්නම් මෙතනින් කවුරු හරි යනවා වගේ තේරුණා' 

ජිමින් ෆෝන් එක කට් කරනවා වගේ හිතුන ගමන් ජේකේ එතනින් ඉක්මනින් පිට වුනා. ඒත් කවුරු හරි ගියා වගේ කියලා දැනුන නිසා ඉක්මනින් අඩවන් කර තිබූ දොරෙන් ඔලුව දාලා බැලුවත් කවුරුත් පේන්නෙ හිටියෙ නෑ.

Back to present -

ටේහියුන්ග් ට හිතේ තියෙන දේ කිව්ව නිසා ජන්ග්කුක් හිටියෙ උස්සන් හිටපු ලොකු බරක් පැත්තකින් තියපු කෙනෙක් වගේ . ඒ උනත් ඒ ටික වෙලාවකට විතරයි. ජන්ග්කුක් ගෙ කල්පනාව බිඳ වැටුනෙ ෆෝන් එකට ආපු කෝල් එක නිසයි ඒ සුගා.

"කියන්න හ්‍යුන්"

"ජන්ග්කුකා කොහෙද ඉන්නෙ? කොහෙද ගියෙ ගාඩ්ලා කවුරුත් අරන් ගිහින් නෑ පිස්සු හැදිලද?" 

කෝල් එක සුගාගෙන් උනාට කන් දෙක දෙදරන්න තරම් හයියෙන් කතා කලේ නම් සුගා නෙමෙ ජින් හ්‍යුන්. ජින් එයාගෙ මල්ලිලා තුන් දෙනාට ආදරේ කලේ එයාගෙ දරුවන්ට වගේ. සුගා, ජිමින් එයාගෙම සහෝදරයො නොවුනත් ඒ දෙන්නටත් සැලකුවෙ ජන්ග්කුක් ට හා සමානවයි. මේ දවස් වල වාතාවරණය එක්ක ජන්ග්කුක් තනියම එළියට බහින එකට නම් ජින් පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. මොකද පොඩි වැරදීමකින් උනත් පොඩි අතපසුවීමකින් උනත් ජීවිතේ ම නැති වෙන්න පුළුවන්.

Let Me Love You 🤟💜️Unde poveștirile trăiesc. Descoperă acum