Chapter 20

476 52 16
                                    


" තව පොඩ්ඩෙන් මෙයත් ඇහරෙනවා." 

හදිසියෙ යමක් මතක් උනා වගේ  ඉක්මනට ඈත් උන ටේහියුන්ග් හිනා වෙවී ජන්ග්කුක් ට රහසින් කිව්වා.

"පිස්සු කොල්ලා."

ටේහියුන්ග් ගෙ කොණ්ඩෙ අවුස්සමින් ජන්ග්කුක් කිව්වා.

" යමුද කුකී? දැන් ගොඩක් රෑ වෙලා. මහන්සි."

"මොකක්ද ටේ ඒ කිව්වෙ?"

"ම්ම් මොකක්ද ?"

" කුකී කියලා කිව්වෙ මට"

"ආ.. ඒ ආදරේට."

ටේහියුන්ග් ජන්ග්කුක් ට හුරතලේට මූණත් හදලා කිව්වා.

" ඒ ටිකට නමකුත් දැම්මද? පොඩි ළමයෙක්ට කියන නමක්නෙ"

"අනේ මේ ඒ උනාට කමක් නෑ මම එහෙම තමයි කියන්නෙ."

ජන්ග්කුක් කෙරෙන් ඈත් වෙමින් ටේ  දඟකාර විදියට කිව්වා.

" යමු ටේ රෑ වෙලා. ඔයා හෙට කම්පැණි එකට යන්නත් ඕනනෙ."

මෙච්චර වෙලාම දෙන්න හිටියෙ යොන් ජේගෙ කාමරේ. ජන්ග්කුක් ටේ දෙන්නා පහලට එනකම් ජිමින් සාලෙ එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියෙ එයාටත් දැන් ගෙදර යන්න හදිසි වෙලා හිටපු නිසා.  සුගා දැන් දෙපාරක්ම කෝල් කලා. ටේකුක් දෙන්නා පහලට බහිනවා දැක්ක ගමන් ජිමින්ගෙ බ්‍රේක් කැඩිච්ච කටින් වචන එලියට පැන්නා.

" ආ මේ එන්නෙ මං හිතුවා දෙන්නට නින්ද ගියාවත්ද  කියලා." 

ජිමින් දත් තිස් දෙකම පෙන්නගෙන කිව්වා. ජිමින්ගෙ කතාවටවට ටේ රතු උනත් ජන්ග්කුක් රවාගෙන හිටියා.

" දත් නැතුව බත් කන්න ආසයි වගේ."

එසේ කියූ ජන්ග්කුක් නැනී හොයන් ගියෙ යනවා කියන්නයි. ජන්ග්කුක් ගිය හැටියෙ ජිමින් ටේගෙ කනට ළං උනා.

"මොකද මෙච්චර වෙලා කලේ?"

ජිමින්ගෙ කලබලේට ටේහියුන්ග් ට හයියෙන් හිනා ගියා.

"යා, ජිමිනා මොකද මේ?"

"අනේ කියනවකො වදේ"

"ම්ම්ම්, මං ජන්ග්කුක් ට කැමති උනා."

ටේහියුන්ග් ජිමින්ට ඇහැක් ගසමින් කිව්වා. ජිමින්ගෙ නම් කටත් හොඳටම ඇරුනා.

Let Me Love You 🤟💜️Where stories live. Discover now