Chapter 31

207 38 4
                                    

" කිම් ඇන්ඩ් ජියෝන් ෆැමිලීස් වල දුර්වලකම ඕක තමා. උන් පටන් ගන්න තැන නෙමේ මගක් යනකොට ඉන්නෙ." 

කලුවර කාමරේක මිනිස්සු තුන් දෙනෙක්. තුන් දෙනාම හිටියෙ අඳුරගන්න බැරි විදියට සැරසිලයි.  එක් අයෙක් අත දැල්වෙන සිගරට් එකක්. අනිත් දෙන්නා අතේ සෝජු වීදුරු දෙකක්.

"බන්ජිට මොකද වෙන්නෙ?"

සෝජු වීදුරුවක් අතේ තියන් ඉන්න මැදි වයසෙ මිනිහා සිගරට් එක අතේ තියන් ඉන්න තරුණයගෙන්   ඇහුවා.

"බ...න්...ජි.... මං හිතන්නෙ නෑ ඌ උගෙ කටින් වචනයක් පිට කරයි කියලා. මගෙ අප්පගෙ මරණෙට මං ඔය ජේකේගෙ වටින හැම දෙයක්ම නැති කරනවා. ඌ දන්නෙ නැතුව ඇති යොන්බීගෙ පුතා තාමත් ජීවත් වෙනවා කියලා."

සිගරට් එක අතේ තියන් ඉන්න කොල්ලා සිගරට් එක බිමට දාලා පෑගුවෙ ආවේගෙන්.

"ජේකේ හිතන් ඉන්නෙ හැම දේම කරන්නෙ ආර් එම් කියලා. ඌ දැන ගත්තොත් මේවා පිටිපස්සෙ ඉන්නෙ කවුද කියලා ශොක් වෙයි."

සෝජු වීදුරුවක් තියන් ඉන්න අනිත් තරුණයා හිනා  උනා.

"උන්ගෙ බිස්නස් මට වැඩක් නෑ. ඒත් ඉක්මනටම මාෆියා වර්ල්ඩ් එකේ කින්ග් වෙන්න ඕනෙ මමයි."

"අනිවාරෙන්ම ඒක වෙයි."

"ඒත් මොකද කියන්නෙ බිස්නස් එකින් එක වැටෙන්න ගත්තොත්?"

රවුම් මේසය වටේ ඉඳගෙන ඉන්න මේ මිනිස්සු තුන්දෙනා හයියෙන් හිනා උනා.

"මං දැන් යන්න ඕනෙ. කිම් පවුලෙ හුරතලා ආරක්ශා කරන්නෙ මමනෙ. උබලා අනිත් වැඩ ටික ක්ලියර් කරපන්. අවශ්‍ය උනොත් බන්ජි ගැන තීරණයක් ගමු.  එතකන් පොඩ්ඩක් බලන් ඉමු. ඒත් මේ වෙලේ තමා අපේ වැඩ ටික කරගන්න හොඳම වෙලාව. මොකද අපි කරන  හැම දේම රේට් එකත් එක්කම යන්නෙ නම්ජුන්ගෙ අකවුන්ට් එකට නිසා."

"හොඳයි බොස්. අපි කතා කරගත්ත විදියටම වැඩ ටික කරන්නම්. බොස් දැන් යන්න. නැත්තන් උන්ට සැක හිතෙයි."

සිගරට් එක බිව් තරුණයා එතනින් පිට උනේ බකට් කැප් එකකුත් මූණ වැහෙන විදියට දාගෙනයි.

........................

ජනේලෙන් එහා පේන කඳු වැටිය දිහා ටේහියුන්ග් බලාගෙන හිටියෙ කිසිම හැඟීමක් නැතුවයි. අදට සති දෙකක් වෙනවා නම්ජුන් එයාව මෙහෙම තියාගෙන ඉඳලා.  කොච්චර හිත ශක්තිමත් උනත් එක මොහොතක් ඇති කඩාගෙන වැටෙන්න.  මේ ගත වුන සති දෙකටම ටේහියුන්ග් එයා හිටපු කාමරෙන් එළියටවත් ආවෙ නෑ. 

Let Me Love You 🤟💜️Where stories live. Discover now