Chapter 19

352 54 28
                                    


"ජන්ග්කුක්"

තමාට පිටුපා හැරී සිටින ජන්ග්කුක් හට කතා කලත් ජන්ග්කුක් ටේහියුන්ග් දිහා බැලුවෙ නෑ. නම්ජුන් මූණට මූණ හමුවීමත් සියෙරා ටේහියුන්ග් සමඟ සිටි ආකාරයත් නිසා ජන්ග්කුක් හිටියේ කේන්තියෙන් වගේම දුකෙන්.

" ජන්ග්කුක්"

මෙවර ටේහියුන්ග් ජන්ග්කුක් ළඟටම ගිහින් ජන්ග්කුක්ව තමා වෙතට හරව ගත්තා. ඒ ඇස් කේන්තියෙන් පිරිලා කම්මුල් කන් රතු වෙලා. ඇස් වල ලාවට කඳුළුත් පිරීගෙන එනවා ටේහියුන්ග් ට පේනවා. ඒත් ඒ හැමදේම හංගගන්න ජන්ග්කුක් ටේහියුන්ග් ට නොපෙනෙන්න උත්සාහ කලා. 'ලොකුකම නම් තියෙනවා' ටේහියුන්ග් ට හිතුනෙ එහෙමයි.

" ජන්ග්කුක් මට ඔයත් එක්ක කතා කරන්න ඕනෙ."

ටේහියුන්ග් ජන්ග්කුක් ගෙ දෑස් දිහාම බලාගෙන කිව්වා. ' මොනා හරි දෙයක් ගැන කතා කරනවා නම් ඇස් දිහා බලන් කතා කරන්න අනිත් කෙනා කරන්නෙ බොරුවක් නම් ඔයාට හොයාගන්න පුළුවන්' දවසක් හොබී හ්‍යුන් කියපු දෙයක් ටේහියුන්ග් ට මතක් උනා. ටේහියුන්ග් කොච්චර කතා කලත් ජන්ග්කුක් වචනයක්වත් කතා කලේ නෑ අත් දෙක මිට මොලවගෙන තද කරන් හිටියෙ අත් ලිහිල් කලොත් කේන්ති එලියට පනියි කියලා හිතලා වගේ.

"ඇයි එවලෙ එක පාරට ආවෙ?"

ටේහියුන්ග් හේතුව දන්නවා උනත් ජන්ග්කුක් ගෙ කටින්ම අහගන්න ඕනෙ නිසා ඇහුවා. ඒත් සමඟම ටේහියුන්ග් ගෙ බෙල්ලෙන් අල්ල ගත් ජන්ග්කුක් ටේහියුන්ග් ව තල්ලු කරගෙන ගොස් බිත්තියත් තමාත් අතර තද කරගත්තා.

"ආහ්..කැහ් කැහ්.. ජන්...කු..ක් අත... අ.රින්න.."

ජන්ග්කුක් ගෙ අතින් බෙල්ල ගලව ගන්න උත්සාහ කරන අතරෙ ටේහියුන්ග් අමාරුවෙන්.

"මට අකමැති නම් කියනවා ටේහියුන්ග්. මම කිව්වනෙ බලෙන් තමුසෙව මගෙ ළඟට මම ගන්නෙ නෑ කියලා. මම තමුසෙගෙ ඇහැටවත් පේන්න එන්නෙ නෑ ඊට පස්සෙ."

ජන්ග්කුක් කෑ ගැහුවා. ජන්ග්කුක් අන්තිමට කියපු දේ නිසා ටේහියුන්ග් ගෙ ඇස් වලින් කඳුලු එන්න වෙලා ගියෙ නෑ. ජන්ග්කුක් ගෙ හිත ගොඩක් රිදිලා තිබ්බා. ටේහියුන්ග් කැමති කෙල්ලන්ට වෙන්න ඇති කියලා ජන්ග්කුක් ට හිතුනා. ජන්ග්කුක් උනත් කවදාවත් කොල්ලෙක් ගැන ආදරයක් ඇති වෙයි කියලා හිතුවෙ නෑ. ඒත් එහෙම ආදරයක් දැනෙන එක ගැන උනත් ජන්ග්කුක් ට වෙනසක් කියලා දැනුනේ නෑ. ටිකෙන් ටික තම අතින් ටේහියුන්ග් ගෙ බෙල්ල අත ඇරපු ජන්ග්කුක් එයාගෙ අතින් හයියෙන් පාරක් බිත්තියට ගැහුවා.

Let Me Love You 🤟💜️Where stories live. Discover now