Chapter 29

208 41 6
                                    

කලු පැහැති මොන්ටෙරෝ ජීප් රථ දහයකට පමණ මැදිව බ්‍රෑන්ඩ් නිව් සුපර් ලක්සරි කලු පාට Audi ය ජන්ග්කුක් රැගෙන යොන්ග්සන්ග් නයිට් ක්ලබ් එක වෙත ළං වෙමින් තිබුණා. 

වාහන පේළියකට මැදිව ඇතුලට ආ ජන්ග්කුක් කාර් එකෙන් බහිනවත් එක්කම ගාර්ඩ් එක විස්සක් විතර  ජන්ග්කුක් වට කරගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වාහන පේළියකට මැදිව ඇතුලට ආ ජන්ග්කුක් කාර් එකෙන් බහිනවත් එක්කම ගාර්ඩ් එක විස්සක් විතර  ජන්ග්කුක් වට කරගත්තා. ජන්ග්කුක් ළඟින්ම හිටගෙන හිටියෙ සුගා. ජන්ග්කුක් ඉස්සර වෙද්දි හැමෝම ජන්ග්කුක් පිටිපස්සෙන් ඉස්සරහට ඇවිදගෙන ගියා. කලු ෆුල් සූට් එකත් කලු මාස්ක් එකත් මන්බන් හෙයාර් ස්ටයිල් එකට හදපු කොණ්ඩෙට දාලා තිබ්බ පොඩි පෝනියත් මාස්ක් එක යටින් පේන තියුණු ඇස් දෙකත් ජන්ග්කුක් ගෙ නෙමේ ජේකේගෙ කඩවසම් බව, ආඩම්බරකාරකම, ප්‍රතාපවත් බව කැපිලා පෙනුනා.  ක්ලබ් එකේ මේ වෙලේ බීමතින් හා වාදනය වෙන සංගීතයට තාලෙට පැද්දෙන කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් පිරිලා. මිනිස්සු පිරිවරාගෙන ඉස්සරහට ඇදෙන ජේකේගෙ ඩැඩී ලුක් එක කෙල්ලන්ට විතරක් නෙමේ සමහර කොල්ලන්ටත් හැඟීම් ඇවිස්සුවා.

"සර් මේ පැත්තෙන් එන්න."

ඒත් එක්කම ඉස්සරහට ආපු  පිරිමි කෙනෙක් ජන්ග්කුක් ඇතුලු පිරිස එක්කගෙන ගියෙ ක්ලබ් එකේ තුන්වෙනි මහල වෙතයි. තුන්වෙනි තට්ටුවෙ කොරිඩෝව දිගේ ටික දුරක් ඇවිදගෙන ගියපු පිරිස දකුණු පැත්තෙ තිබුණු දොරක් ඇරගෙන ඇතුලට ගියා. ඒක තනිකරම ඔෆිස් රූම් එකක් ක්ලබ් එකක් ඇතුලෙ මෙහෙම තැනක් තියෙනවද කියලා හිතෙන තරමටම නීට්.  ජන්ග්කුක් ලව එක්කන් යන්න ආපු කෙනායි ජේකේයි , සුගායි, සීඩ් එක්ක ඇතුලට ගියා.

"සර් ටිකක් ඉන්න බොස් දැන් එයි."

අර මනුස්සයා ජේකේට කිව්වා. හැබැයි ඒ වචනෙට නම් ජේකේගෙ නිදාගෙන හිටපු යකාට ඇහැරෙන්න ගත්තා.

Let Me Love You 🤟💜️Where stories live. Discover now