chapter 30

204 38 6
                                    

"හ්‍යුන් ටේ මෙහෙ නෑ."

ජිමිනුත් යුන්ගිත් හිටියෙ හැන්නම් හිල් අපාර්ට්මන්ට් එකේ. යුන්ගි කාර් එකේ ඉන්නකොට ජිමින් ඇතුලට ගිහින් ටේහියුන්ග් හම්බෙන්න හැදුවත් රිසෙප්ශන් එකෙන් කිව්වෙ ඊයෙ රෑ ටේහියුන්ග් අපාර්ට්මන්ට් එකෙන් ගිය බවයි.  ඇතුලට ගිහින් ආයෙත් කාර් එක ළඟට ආපු ජිමින් ටේහියුන්ග් නැති බව යුන්ගිට කිව්වා. 

"ශිට්.. අනිවාරෙන් අර ආර් එම් කාරයා ටේව අරන් යන්න ඇති. මේක දැන් ජන්ග්කුක් ට කිව්වොත් එහෙම ඉන්න හම්බෙන්නෙ නෑ."

යුන්ගි දෑතින්ම තමන්ගෙ නළල මිරිකුවා. ඒත් නොකියා බෑ කියන්නම වෙනවා මොන තත්වයක් ආවත්. ඒ නිසා යුන්ගි ජන්ග්කුක් ට කෝල් එකක් ගත්තා.

"යා ජන්ග්කුකා... අපි හිතුවා හරි.. ටේව උන් අරන් ගිහින්."

යුන්ගි කියලා ඉවර වෙන්නත් කලින් එහා පැත්තෙන් කෝල් එක කට් උනා.

"මොකද උනේ හ්‍යුන්? කුක්කා මොකද කිව්වෙ?"

යුන්ගිගෙ වෙනස් උන මූණ දැක්කම ජිමින් ඇහුවා.

" ඒ යකා ෆෝන් එක කට් කලාද පොලේ ගැහුවද මන්දා මෝචි.  ඉක්මනට යමු."

ජිමින් සීට් බෙල්ට් දාගන්නවත් එක්කම යුන්ගි කාර් එක ස්ටාර්ට් කරගෙන පුළුවන් තරම් වේගෙන් ජියොන් මැන්ශන් එකට ගියා.

...............................

"ජින් හ්‍යුන් කෝ ජන්ග්කුක්?"

යුන්ගියි ජිමිනුයි මැන්ශන් එකට ඇතුල් වෙනවත් එක්කම එයාලගෙ කාර් එකේ සද්දෙ ඇහුන ජින් එයාගෙ කාමරේ ඉඳලා පල්ලෙහාට දුවගෙන ආවා.

"යුන්ගියා.. අනේ ජේකේ මෙතන යකා නටන්න ගත්තා. අර කාමරේ බඩුත් පොලේ ගහලා. ගාර්ඩ් කෙනෙක්වත් නැතුව වාහනේ ඩ්‍රයිව් කරන් ගියෙ. අනිවාරෙන් ටේව බලන්න යන්න ඇති."

ජින්ගෙ ඇස් දෙකේ කඳුළු පිරිලා. එයාට ඔක්කොටම වැඩිය බයයි ජන්ග්කුක් තනියෙන් ටේගෙ මැන්ශන් එකට ගියපු එක. ජන්ග්කුක් ගොඩක් ශක්තිමත් කෙනෙක් උනත් එයා ගියෙ එයාගෙ ලොකුම හතුරගෙ  ගෙදරට.

"මොකක්? ආයිශ් මේකගෙ මේ ඉවසීමක් නැති කම ළඟදිම ලොකූ දේකට මුල හ්‍යුන් අද කිව්වා කියලා මතක තියාගන්න."

Let Me Love You 🤟💜️Where stories live. Discover now