Chapter 18

335 53 23
                                    

මීටින් එක ඉවර වෙලා ටේහියුන්ග් කෙලින්ම ආවෙ අපාර්ට්මන්ට් එකට. හවස පහත් පහු වෙලා තිබ්බ එනකොට. ආයෙත් අනිත් අතට පාටි එකට යන්න ලෑස්ති වෙන්න ඕනෙ ඒ නිසා ටේහියුන්ග් කම්පැණි එකට යන්නෙ නැතුව කෙලින්ම ආවා. ටේහියුන්ග් ට වොශ් එකක් දාන්න ගිය වෙලාවෙත් ජන්ග්කුක් ව මතක් උනා. ඇයි මෙච්චර knowledge එකක් තියෙන කෙනෙක් මාෆියා වගේ සයිඩ් එකකට සම්බන්ධ උනේ? මීටින් එක පුරාම ජන්ග්කුක් ගෙ තිබ්බෙ නිවුනු බවක් ඒත් කොහොමද මනුසයෙක් ඇහිපිය ගහන වේගෙන් සතෙක් වගේ වෙන්නෙ? ඔව් ටේහියුන්ග් ජන්ග්කුක්ගෙන් ඒ වෙනස්වීම් හොඳටම දැකලා තියෙනවා. අත්විඳලා තියෙනවා. ලොකුම ප්‍රශ්නෙ ඇයි ජන්ග්කුක් තමන්ව කිස් කරන හැම වෙලාවකම ඒ දේවල් රිජෙක්ට් නොකර ඉන්නෙ? මොකක්ද ඒ වෙලාවට වෙන්නෙ? ජන්ග්කුක් ගෙ හැඟීම් පිරිසිදුද? ජන්ග්කුක් ට අවස්ථාවක් දෙනවද? තව ටිකක් බලනවා අන්තිමේදි ටේහියුන්ග් තීරණය කලා.

"දෝ යුන්, මේක හොඳයිද?"

"යා...ටේහියුන්ග් ශි ඩේට් එකකටද යන්නෙ බිස්නස් පාටි එකකටද යන්නෙ?"

ටේහියුන්ග් දෝ යුන්ගෙන් මේ ඇහුවෙ දහවෙනි පාරට. ඇඳුම් ගොඩක් ඇඳ ඇඳ බලපු ටේහියුන්ග් අන්තිමට කලු පාට ෆුල් සූට් එකක් තෝරලා ගත්තා. ඒක ටේහියුන්ග් ට ගොඩක් මැච් උනා.

" ටේහියුන්ග් ශි, වාහ් අද නම් මනමාලයෙක් වගේ. අද කාත් එක්කද යන්නෙ පාටි එකට ඔච්චර හැඩ වෙවී?"

දෝ යුන් ඇහැක් ගසමින් ඇහුවා. ටේහියුන්ග් ටයි ගැටය සකසමින් කණ්ණාඩියෙන් පෙනෙන දෝ යුන් දිහා බලාගෙන හිනා වුනා. අද එච්චර උවමනාවෙන් ලෑස්ති උනාද ටේහියුන්ග් ට හිතුනා.

"ආ හරි හරි හිනාවෙන්ම පේනවා."

"යා දෝ යුන්, බිස්නස් පාටි එකක්නෙ කොරියාවෙ හොඳම බිස්නස්මන්ලා එන්නෙ. හොඳට යන්න එපැයි. අනික මං කෝමත් ඩීසන්ට් විදියට තැනකට යන්න කැමතියි කියලා දන්නවනෙ"

ටේහියුන්ග් කොහොමත් ලස්සනට වෙනස් වෙනස් ස්ටයිල් කරන්න කැමති. බිස්නස්මන් කෙනෙක් උනත් ගොඩක් සෝශල් කෙනෙක් තරුණයි ඉතින් ඒ වයසට හැම විදියකම ෆැශන් කරල බලන්න ටේහියුන්ග් ඒක ආසයි. ආසවකටත් වඩා ටේහියුන්ග් ට ඒක විනෝදාංශයක්. ඒත් අද නම් ටේහියුන්ග් ගොඩක් උවමනාවෙන් ලෑස්ති උනා වෙනදටත් වැඩිය.

Let Me Love You 🤟💜️Where stories live. Discover now