Chapter 28

226 40 3
                                    

කිසිම විදියකින් එළියක් එන්නෙ නැති හිර කාමරයක් මැද්දෙ පුටුවකට තියලා තදින් ගැට ගහපු මනුස්සයෙක් වේදනාවෙන් කෙඳිරි ගානවා. දොරක් ඇරෙන වැහෙන සද්දෙත් එක්ක කීප දෙනෙක් ගෙ සපත්තු අඩි වල සද්දෙ ඒ මිනහගෙ කන් වල දෝංකාර දෙන්න උනා. ඔලුව උස්සලා බලන්නත් බැරි තරමටම ගුටි කාලා හිටපු නිසා තවමත් ඔලුව බිමටම නමාගෙන හිටියෙ ටිකෙන් ටික ළං වෙන අඩි සද්ද ගැන අවධානය දෙමින්.

"හහ්... අන්තිමට අපි ආයෙත් හම්බුනා බන්ජි."

පුටුවෙ ගැට ගහලා හිටපු මිනිහගෙ ඇස් බයෙන් ලොකු උනේ ඒ ඇහුනු කට හඬ නිසයි. ජීවිතේ ගැන එකම එක බලාපොරොත්තුවක් හරි තිබ්බ නම් ඒකත් නැති වෙලා ගියෙ ඒ කට හඬේ අයිතිකාරයා කවුද කියන්න බන්ජි හොඳටම දන්න නිසයි.

"බ්..බ්..බො..ස්..."

බන්ජි අපහසුවෙන් වචන ගැට ගහගත්තෙ අනුකම්පාවක් බලාපොරොත්තවෙන් උනත් මෙච්චර විනාශයක් කලාට පස්සෙ එහෙම සමාවක් කොහොමද බලාපොරොත්තු වෙන්නෙ? නෑ ඇත්තටම නෑ ජේකේ ගාව ඒ වගේ වැඩ නෑ. වැරැද්දක් කලා නම් අනිවාරෙන්ම තමන්ගෙ ජීවිතෙන් වන්දි ගෙවන්න ඕනෙ. ඒකයි ජේකේගෙ තියරිය. තමන්ට ද්‍රෝහි උන කිසිම කෙනෙක්ට ආයෙ මේ ලෝකෙ හුස්ම ගන්න ජේකේ ඉඩ තිබ්බෙ නෑ. ජේකේට ඉහළින් යන කෙනෙක් ඉන්න බෑ.

"බොස්... උඹ මටද බොස් කිව්වෙ ද්‍රෝහියා?"

ජේකේ ඔලුව අමාරුවෙන් උස්සගන්න හදන බන්ජිගෙ කොණ්ඩෙන් උඩට ඔලුව උස්සලා ඇදලා  කෑ ගැහැවෙ ඇස් වලින් පළි ගැනීමේ උවමනාව බේරෙද්දියි.

" උඹට කොහෙන්ද හයියක් මගේම තැනේ ඉඳලා මගෙම දේවල් විනාශ කරන්න තරම්. උබ ඒකට විඳවන්න ඕනෙ."

ජේකේ සීතල භයානක කටහඬ ඕනම කෙනෙක්ට මරණ බය ගේනවා. ජේකේට ඕන කරන එක  ගොදුරක් හම්බුනා. දැන් හොයාගන්න තියෙන්නෙ මේ වගේ දෙකයි පනහෙ ගොදුරක් තියාගෙන තමන්ට අභියෝග කරන්න හැංගි හැංගි සෙල්ලම් කරන දඩ බල්ලා මොකාද කියලයි.

"මං උබව එක පාරට මරන්නෙ නෑ. ටිකෙන් ටික උබ මැරෙයි. උබ දන්නෙ නෑ මං කවුද කියලා?  උබ මං ගැන හරියට ම දැනගන්නකොට උබ මගෙන් වැඳලා ඉල්ලයි උබව මරන්න කියලා. හැබැයි ඊට කලින් උබේ මහතැන හොයාගන්න ඕනෙ."

Let Me Love You 🤟💜️Where stories live. Discover now