chapter 16

314 54 5
                                    

At red house -

"හ්‍යුන් මං පොඩ්ඩක් එලියට ගිහින් එන්න යනවා."

"මේ වෙලාවෙ කොහෙද?"

සුගා ඇහුවෙ කවදාවත් මිශන් එකකට යන්න ලෑස්ති වෙලා ඉන්න කොට අතර මැද්දෙ ජන්ග්කුක් මොනම වැඩකටවත් එළියට ගිහින් නැති නිසයි.  

"ඉක්මණට එනවා හ්‍යුන්. ඔයා ඔක්කොම රෙඩි කරගන්නකො"

"හ්ම්"

තවත් තත්පරයක්වත් පරක්කු නොවී ජන්ග්කුක් පිටත් උනා. ඩ්‍රයිවරුත් එක් ආරක්ශකයෙකුත් වාහනේ ඉස්සරහට යද්දි ජන්ග්කුක් පිටිපස්සෙ සීට් එකකින් ඉඳගත්තා.

===============================

කම්පැණි එකේ ඉඳලා ටේහියුන්ග් කලින්ම අපාර්ට්මන්ට් එකට ආවා. ටේහියුන්ග් ට නිදහසේ හිතන්න ඕන උනා. කරන්න හිතාගෙන හිටපු ඔක්කෝම වැඩ අතරමඟ නවත්තපු ටේහියුන්ග් ජිමින් ගිහින් පැය භාගෙකින් විතර එයත් ආවා.  ටේහියුන්ග් එනකොටත් අවට තිබ්බෙ වහින්න ඔන්න මෙන්න වගේ වළාකුළු බර උන පාටක්. ටේහියුන්ග් අපාර්ට්මන්ට් එකට එනකොට පොඩ්ඩ පොඩ්ඩ වහින්න පටන් අරගෙනයි තිබ්බෙ. ආපු හැටියෙ ටේ කලේ වොශ් එකක් දා ගන්න ගිය එකයි.

පැය භාගයක් විතර හොඳට නා ගත්ත ටේ එළියට එනකොට පොද වැස්ස මහ වැස්සක් වෙලා තිබ්බා. සීතල හුළඟ වැස්ස ටේහියුන්ග් ව සතුටු කරන්න පුළුවන් උන අප්‍රාණික වස්තුවක් වගේ. ඉක්මණින් සීතකට ඔරොත්තු දෙන විදියෙ ඇඳුමක් දාගෙන උණු උණු මිල්ක් ශේක් එකකුත් හදාගත්ත  ටේ බැල්කනියට ගියා. හොඳ හුස්මක් ගත්ත ටේ අහසින් වැටෙන වතුර දිහා ආසාවෙන් බලාගෙන හිටියා.

"කුමාවෝ.. මට පාළුවක් දැනෙන හැම වෙලේම ඔයා එනවට"

ටේ වැස්සට මිමිණුවා. බැල්කනි වැටට අත් දෙක තියලා ටිකක් ඉස්සරහට නැමුණු ටේ ඇස් දෙක පියාගෙන වැහි වතුර එයාගෙ මූණට වැටෙන හැටි වින්දා. හයියෙන් වහිනවට, අහස කලු කරල තියෙනවට, වැහි වතුර වැටෙන සද්දෙට ටේහියුන්ග් ගොඩක් ආසා කලා. වැස්ස  සංගීතයක් වගේ ලස්සන තනුවක් වාදනය කරනවා එයා එන හැම වෙලේම. වැස්ස හැමෝටම ලස්සන නෑ නේද කියලත් ටේහියුන්ග් ට හිතුනා. තව කෙනෙක් වැස්ස නිසා සතුටු වෙනකොට තව කීයක් නම් වැස්ස නිසා දුක් වෙනවා ඇත්ද කියලා ටේට හිතුනා. හ්ම්ම්ම් හැමෝටම හැම දෙයක්ම එක වගේ සතුටින් විඳින්න හම්බෙනවා නම් කොච්චර හොඳද?? තවත් ටික වෙලාවක් එහෙම්ම ඉඳපු ටේහියුන්ග් බැල්කනියෙන් ඇතුලට ගිහින් ජනේලේ වහන්න හැදුවත් එක පාර එයා ගල් උනේ දැකපු දේ නිසා.

Let Me Love You 🤟💜️Where stories live. Discover now